IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සෞදියේ ලිංගික අඩත්තේට්ටම් නෛතික වැරැදි ලෙස නම් කරයි

රියාද්හිදීය (ඒ.එෆ්.පී)
 
සෞදි අරාබිය ලිංගික අපයෝජනය, ලිංගික අඩත්තේට්ටම් හා හිරිහැර කිරීම් යනාදිය නෛතික වැරැදි ලෙස නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

දැඩි සම්ප්‍රදායවාදී සෞදා රාජධානිය දශක ගණනක් මුළුල්ලේ කාන්තාවන්ට පනවා තිබූ රිය පැදවීමේ තහනම ඉවත් කර මසක් යන්නටත් පෙර මෙම තීරණය ගෙන තිබේ. 
 
සෞදි අරාබියේ කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදෙන ‘ෂූරා’ කවුන්සිලය අදාළ නීති කෙටුම්පත අනුමත කර තිබෙන අතර ලිංගික අපයෝජනය, ලිංගික අඩත්තේට්ටම් හා හිරිහැර කිරීමකට වසර පහකින් පටන් ගන්නා සිර දඬුවමක් සහ රියාල් 300,000 (එක්සත් ජනපද ඩොලර් 80,000) දඩයක් පැනවීමට නියමිතය. 
 
මෙම නීති කෙටුම්පත් සෞදි රාජධානියේ නියාමන ඉතිහාසයේ වැදගත් එකතු කිරීමක් යැයි ෂූරා කවුන්සිල සාමාජිකා ලතීෆා අල් ෂලාන් උපුටා දක්වමින් එරට තොරතුරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
“මෙය සෞදි ව්‍යවස්ථාදායකයේ රික්තයක් පිරෙව්වා” යැයි ද ඇය සඳහන් කර තිබේ.
 
සෞදි කාන්තාවන්ට රිය පැදවීම සඳහා පනවා තිබූ නීතිය ජූනි මස 24 වැනිදා සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙන අතර එම ක්‍රියාමාර්ගය සෞදියේ ඔටුන්න හිමි මොහොමෙද් බින් සල්මාන් කුමරුගේ සෞදිය ලිබරල්කරණය කිරීමේ වැඩසටහනේ එක් පියවරකි. 
 
ඔටුන්න හිමි කුමරු සෞදියේ රජුට පසු වැඩි බලයක් හිමි තැනැත්තා බවට පත්ව තිබෙන අතර ඔහු ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණවාදියකු යැයි ද ඇතැම් පිරිස් පවසති. 
සිනමාශාලා සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට සහ ස්ත්‍රී පුරුෂ ඕනෑම අයකුට ප්‍රසංගවලට සහභාගීවීමට ඉඩ සැලැසීම සඳහා සෞදියේ ඔටුන්න හිමි කුමරු පසුගිය මාස කිහිපයේදී නීති වෙනස් කළේය. එම බොහෝ නීති දශක ගණනක් පැවැති නීති වූ අතර එමගින් සෞදියේ ආගමික පොලිසියට වැඩි බලයක් ද ලබා දී තිබිණි. 
 
ඔටුන්න හිමි මූලිකත්වයෙන් සමාජ ප්‍රතිසංස්කරණ මෙසේ සිදුවෙමින් තිබියදී පසුගිය සති කිහිපයේදී කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටි ක්‍රියාකාරිනියන් 11 දෙනකු පොලිස් අත්අඩංගුවට ද පත්ව තිබිණි. 
 
055



අදහස් (1)

සෞදියේ ලිංගික අඩත්තේට්ටම් නෛතික වැරැදි ලෙස නම් කරයි

nuwan Thursday, 31 May 2018 05:42 AM

අපේ රටේ ඉන්න අන්තවාදීන්ට අරාබියෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site