ඉතිහාසයේ ප්‍රථම වතාවට සෞදි අරාබියේ කාන්තාවන්ට ප්‍රේක්ෂකාගාරයකට ගොස් සජීවීව පාපන්දු තරඟයක් නැරඹීමේ අවස්ථාව හිමි වී ඇති බව වාර්තා වේ.
දැඩි මතධාරී මුස්ලිම් රටක් ලෙස කාන්තාවන්ට පනවා තිබූ නීතිරීති ලිහිල් කිරීමට සෞදි රජු ප්‍රමුඛ රජය පසුගිය කාලයේ පියවරගත් අතර එහි එක් අංගයක් ලෙස මෙය ක්‍රියාවට නගා ඇත.
මේ අනුව පසුගිය සිකුරාදා ජෙඩා නගරයෛ් ක්‍රීඩාංගනයක දොරටු කාන්තාවන්ට විවෘත වූ අතර මෙය සෞදි රාජ්‍යයට සුවිශේෂී අවස්ථාවක් වූ බව මාධ්‍ය වාර්තා කර ඇත. තරඟය නැරඹීමට පැමිණි කාන්තාවන්ගෙන් ප්‍රේක්ෂකාගාරය පිරීගොස් තිබුණු අතර කාන්තාවන් ලද මෙම සුවිශේෂී ජයග්‍රහනය සම්බන්දව තමත් ඉතා ප්‍රීතිමත්ව සිටින බව ඔවුන් පවසා ඇත.
මීට සමගාමීව නූතන ලෝකයට ගැලපෙන පරිදි සෞදි රාජ්‍යයේ තවත් බොහෝ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පියවර ගෙන ඇති අතර මෝටර් රථ ප්‍රදර්ශනාගාර කාන්තාවන් වෙත විවෘත කිරීම ද පසුගියදා සිදුවිය.
කාන්තාවන්ට පනවා තිබූ මෝටර් රථ පැදවීමේ තහනම ද පසුගිය ජුනි මාසයේ ඉවත් කිරීමට තීරණය කෙරුනු අතර ලබන සැප්තැම්බර් මාසයේ සිට මෙය ක්‍රියාවට නැංවීමට නියමිතය.
සෞදියේ දැඩි මතධාරී මූලධර්ම මෙලෙස ලිහිල් වුවද පුරුෂයෙකුගේ අවසරය නොමැතිව කාන්තාවන්ට ඉටුකල නොහැකි තවත් බොහෝ කාර්යයන් පවතින බව වාර්තා වේ. ගුවන් ගමන් බලපත්‍රයකට අයදුම් කිරීම, විවාහ වීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ශල්‍ය කර්යමක් සිදු කිරීම, බැංකු ගිණුමක් විවෘත කිරීම වැනි තවත් බොහෝ දේ ඒ අතර වේ.

(බීබිසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදියේ කාන්තාවන්ට තිබූ නීති රීති ළිහිල් කෙරෙයි
සුමනාවතී Saturday, 13 January 2018 11:54 PM
සෞදියේ එහෙම වුනත් අපේ එහෙම වෙන්නේ නැහැ.
Perakum Sunday, 14 January 2018 07:55 AM
ඇයි නැත්තෙ දැන් අපේ කාන්තාවන්ටත් බාර් එකට ගිහින් අරක්කු ගන්නත් අවසර දුන්න නේ. තව මොනවද ඕන?