IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සෞදියට ඕනෑ මැදිහත් ඉස්ලාම් දහමලු

සෞදි අරාබිය නූතනත්වයට පත් කිරීමට අවශ්‍ය වන්නේ ‘මැදිහත් ඉස්ලාම්’ දහම යැයි එරට ඔටුන්න හිමි මොහොමෙද් බින් සල්මාන් ප්‍රකාශ කර තිබේ.
 
ගල්ෆ් කලාපයේ රාජධානිය වන සෞදි අරාබියෙන් අන්තවාදය කඩිනමින් තුරන් කරන බව ද ඔටුන්න හිමි කුමරු පැවැසීය.  රියාද් නුවර පැවැති ආර්ථික ව්‍යාපාරික සමුළුවක් අමතමින් ඔටුන්න හිමි කුමරු මෙම කරුණු කීය.
 
 “සෞදි ජනගහනයෙන් සියයට 70කට වැඩි පිරිසක් වයස අවුරුදු 30ට අඩුයි. අපට අවශ්‍ය වන්නේ ඉවසීම සහිත අපේ මැදිහත් ඉස්ලාම් දහම” යැයි ද සෞදි රාජධානියේ ඔටුන්න හිමි කීය.
 
සෞදි රජ පවුල හා එරට ආගමික පද්ධතිය සුන්නි ඉස්ලාම් දහමේ අන්තවාදී එසේත් නැතිනම් තද හා උග්‍ර ක්‍රමවේදයක් අනුගමනය කරන අතර එය වහාබිවාදය යනුවෙන් හඳුන්වයි. සෞදිය තුළ ඉස්ලාමීය ආචාර ධර්ම තදින් ක්‍රියාත්මක වන අතර හැසිරීම, ඇඳුම් පැළඳුම් ආදියට පවා එය ක්‍රියාත්මක වේ. තෙල් සම්පතින් පොහොසත් රටක් වන සෞදියට ‘දැක්ම 2030’ නමින් සමාජ ආර්ථික වෙනස්කම් රැසක් සහිත පුළුල් සැලසුමක් හඳුන්වාදීමට සෞදියේ ඔටුන්න හිමි කුමරු පසුගිය වසරේදී කටයුතු කළේය.
 
එම ප්‍රතිසංස්කරණවල කොටසක් සෞදි රාජ්‍යට අයත් තෙල් සමාගම පෞද්ගලීකරණය කළ යුතු බව ද 32 හැවිරිදි ඔටුන්න හිමි කුමරු පවසා තිබේ.

සෞදි කතුන්ට රිය පැදැවීමේ අයිතිය ලබා දෙන බව සෞදියේ සල්මාන් රජු පසුගිය සැප්තැම්බර් මාසයේදී නිවේදනය කළේය. ඊට දීර්ඝ කාලයක් තිස්සේ ආගමික ප්‍රජාවගෙන් විරෝධය එල්ල විය. එම විරෝධතා නොතකමින් අදාළ තීන්දුව ගැනීමට සල්මාන් රජු කටයුතු කළේය.විනෝදාස්වාද ක්ෂේත්‍රය කෙරෙහි ද අවධානය යොමු කර තිබෙන සෞදි ආණ්ඩුව සිනමාශාලා ඉදි කිරීම, ප්‍රසංග පැවැත්වීම සම්බන්ධයෙන් ද සලකා බලා තිබේ.
 
“අපිට ආයෝජන ප්‍රජාව නැවත සෞදියට ගෙන්වා ගත යුතුයි. අපි හිටපු තත්ත්වයට පත්විය යුතුයි. මැදිහත් ඉස්ලාම් දහම ඕනෑම ආගමකට විවෘතයි. සෞදිය සෑම ආගමකට විවෘත කළ යුතුයි. ලෝකයේ සෑම ජනතාවකට සෞදිය විවෘත කළ යුතුයි. සෞදිය සෑම සම්ප්‍රදායකටම විවෘතයි. අපි එය කළ යුතුයි. මැදිහත් ඉස්ලාම් දහම ඉවසීම හා කරුණාව ගැන කියා දී තිබෙනවා. ඒ නිසා නූතන සෞදියට අවශ්‍ය වන්නේ මැදිහත් ඉස්ලාම් දහම” යැදි සෞදි රාජධානියේ ඔටුන්න හිමි  මොහොමෙද් බින් සල්මාන් වැඩිදුරටත් කීවේය.
 



අදහස් (11)

සෞදියට ඕනෑ මැදිහත් ඉස්ලාම් දහමලු

Saman Thursday, 26 October 2017 05:16 AM

තෙල් ආදායම් අඩු වෙලා, ආර්තිකය දුවන්න අමාරු උනා කිව්වනම් හරිනේ..

:       194       1642

LOkumalliThursday, 26 October 2017 06:04 AM

ඒ කතාව නම් ඇත්ත. මාලදිවයින් වලත් 100% මුස්ලිම්. හැබැයි සුද්දෝ ගෙන්න ගන්න අරක්කු, ඌරු මස්වලට ලයිසන් දෙනවා හෝටල් වලට...

:       1       178

K PereraThursday, 26 October 2017 03:33 PM

මාලදිව් මොකක්ද, එක්සත් අරාබි එමිරයේ ඔය හැමදෙයක්ම තියෙනවා, ගල්ෆ් මුස්ලිම් රටක් වෙලත් කොච්චර නිදහස්ද ලංකාවටත් වඩා. මේ වගේ උගත් විදිහට හැම මුස්ලිම් රටක්ම වෙනවනම් ගොඩක් ප්‍රශ්න අඩුවෙනවා!

:       207       50

anula Thursday, 26 October 2017 08:14 AM

හොඳ අදහසක් අන්තවාදීන්ට හොඳ කම්මුල් පහරක් එත් ඔබට එය ක්‍රියාත්මක කරන්න ලැබේවිද? ළදරුවෝ කසාද බඳින්න ඉල්ලන එවුන් එක්ක ඔය රටේ පිරිමි අන්තවදියෝ....

:       92       150

minipe Thursday, 26 October 2017 06:36 PM

කුමරුනේ, රටේ පාලනය හා ආගම අතර පුරුක ගලවන්න. ඔබේ රාජධානිය, ආගමික අන්තවාදයට උදව් හා උපකාර කරන්නේනම් එය වහාම අත්හිටුවන්න.කාන්තාවට තමන් රිසිසේ ජිවත් වෙන්න ඉඩ සලසන්න.පුවත් පත් වලට පුර්ණ නිදහස දෙන්න.

:       60       156

ධනුෂ්ක Friday, 27 October 2017 03:21 AM

කි.ව 300 විතර වෙනකන් ලෝකේ විවිධ දර්ශන,විද්‍යාත්මක සොයා ගැනීම් වැනි ලෝකේ දියුණුවට වැදගත් බෝහෝ දේ සිදු වුනා. නමුත් රෝම අධිරාජ්ය පල්ලියට යටත් ශුද්ධ රෝම අධිරාජ්ය වු පසු කිසිඳු නව දර්ශනයක් හෝ සොයා ගැනීමක් සිදු නොවුනා සේම. ඊට උත්සාහ කලවුන් මරා දැමුවා. ඔවුන් කිව්වා ලෝකේ තැටියක් කියලා. සියල්ල දෙයියො මැව්වලු. ඉර ලෝකේ වටේ කැරකෙනවා කිව්වා. මෙහෙම අව්වරුදු 1000ක විතර ලෝකේ එකතැන නැවතිලා පල් වෙවි තිබ්බා. එ්කාලෙට කියන්නේ අඳුරු යුගය කියලා. හැබැයි අැත්ත කිසිදා යටපත් කල නොහැකියි.

:       169       1044

Ratnamalala Friday, 27 October 2017 10:45 AM

හොඳ අදහසක්. ගුවන් තොටුපොලේදී ආගමික රූප කුණුකූඩයට දාන අයට කරන සැප නවතීවි. !!!

:       84       212

piyarathna Saturday, 28 October 2017 03:07 AM

අනිත් මුස්ලිම් රටවලටත් හොඳ ආදර්ශයක් මේ රජතුමා,

:       65       85

Sam Saturday, 28 October 2017 12:16 PM

කොහොමත් ඔරිජිනල් මුස්ලිම් (මුහම්මද් තුමාගෙ පරම්පරාවෙන් පැවත එන) අය මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා. දැන් බලන්න ගල්ෆ් රටවල ඔරිජිනල් අය ආගම වෙනුවෙන් මිනි මරා ගන්නවද? නෑ... නමුත් ඩුප්ලිකේට් මොහොමඩ් අය තමයි ලෝකෙ වටේ මිනී මරන්නේ, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, සිරියාව, සහ අනෙකුත් ආසියා රටවල ඉන්න අය තමයි. රෝහින්ගා ප්‍රශ්නේදි ගල්ෆ් රටවල් හැසිරුන විදිහෙන් ඒක මොනවට තහවුරු වුණා.

:       51       25

bamunu Sunday, 29 October 2017 01:40 AM

ෂා නියමයි! රජ ගෙදරින්ම ඔය අදහස පැමිණි නිසා අදහස ගෙනා පුද්ගලයාට කිසිදු හානියක් නැත.

:       33       4

de silva Monday, 30 October 2017 08:01 AM

එහෙනම් ඔබතුමා ප්‍රසිද්ධියේ හිස ගසාදැමීම, අතපය කැපීමත් නවත්වනවාද?

:       41       106

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site