IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සකර්බර්ග් ෆේස්බුක් සුද්ධ කරයි

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ව්‍යාජ ප්‍රචාර සිදු නොකර‍න ලෙස ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඉල්ලා සිටියි.

එවැනි ව්‍යාජ සටහන් හඳුනාගෙන ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කැරෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඇමරිකා ජනපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සඳහා ෆේස්බුක්හි ව්‍යාජ ප්‍රචාර උපකාරී වූ බවට හිලරි ක්ලින්ටන් ඇතුළු පිරිසක් චෝදනා කැර තිබිණි. නමුත් සකර්බර්ග් එය සුරංගනා කථාවක් ලෙස බැහැර කළේය.

නමුත් දිගින් දිගටම කළ එවැනි චෝදනා හමුවේ ෆේස්බුක් වෙබ් අඩවියේ ව්‍යාජ සටහන් සොයාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මාර්ක් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් කියා ඇත්තේ ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරණය වන තොරතුරුවලින් සියයට 99ක්ම සත්‍ය හා නිවැරදි ඒවා ලෙස තමා විශ්වාස කරන බවයි.



අදහස් (0)

සකර්බර්ග් ෆේස්බුක් සුද්ධ කරයි

රවීන් Sunday, 20 November 2016 06:18 AM

හිලරිට නටන්න බැරි වුනාම තමා පොලවේ ඇදේ දැක්කේ. දැන් කී දෙනෙක්ට වරද පැටෙව්වද? එයාවත් දන්නවද? (බ)

:       0       0

විකුම් රංගන Sunday, 20 November 2016 06:57 AM

මාර්ක්, මහත්තයෝ, ඔබ තුමා දන්නවද මේ දවස්වල අපේ රටේ ඔබේ ඔය ෆේස්බුක් හරහාම පුස්සෝ ටිකක් වීරයෝ වෙන්න දඟලනවා. ඒවා මොනවද, නාකි ඇන්ටිලා ෆේස්බුක් එක හරහා ගේම ඉල්ලලා කියන ශුද්ධ සිංහල ඇහුවාම අපේ මේ උතුම් භාෂාව මොනතරම් නම්, සදාචාර සම්පන්නව අපේ අය භාවිත කරන බව පේනවා. ඒ නිසා මොන නීති දැම්මත් කමක් නැහැ, මේ අපේ නුතන වීරයින්, හා වීර වරියන්ව අපෙන් ඈත් කරන්න නම් හදන්න එපා. (බ)

:       0       0

මංජුල Monday, 21 November 2016 05:04 PM

ඇමෙරිකාවේ එහෙම වුණත් සකලසිරින් පිරි ලංකාවේ එහෙම නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site