IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වූහාන් නගරයෙන් මුදාගත් තිදෙනෙකුට කොරෝනා වැළදිලා

වූහාන් නගරයෙන් මුදාගත් ජපන් ජාතිකයන් තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ජපන් බලධාරීහු   කියති.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගන්නා පිරිස් නිරෝධායනය නොකර මුදාහැරීම සම්බන්ධයෙන් මේ වනවිට ජපන් බලධාරීන්ට දොස් අහන්නට සිදුව තිබේ.

ජපානය වූහාන් වෙත විශේෂ ගුවන් යානයක් යවමින් එම නගරයේ සිටි 206 දෙනකු ඊයේ (29) මුදාගත් අතර ජපන් ජාතිකයන් රැගත් තවත් ගුවන් යානයක් අද (30) ටෝකියෝ නුවරට ළඟාවිය.

ඊට අමතරව ජපානය තුළින්ම තවත් කොරෝනා ආසාදනය වීමේ සිදුවීම් තුනක් වාර්තා වී ඇතැයි ද ජපන් රජය තහවුරු කළේය.

මේ වනවිට 400කට වැඩි පිරිසක් ජපානයෙන් මුදාගෙන ඇති අතර මෙම මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන 170 දක්වා ඉහළ ගොස් තිබේ.

වූහාන් නගරයෙන් මුදාගත් පිරිස් රජයට කෘතඥතාව පළ කළ ද ඔවුන් නිසි පරිදි නිරෝධායනය නොකළ නිසා ආණ්ඩුවට දොස් ඇසීමට සිදුව තිබේ.

වූහාන් නගරයෙන් මුදාගන්නා පිරිස් නිරෝධායනය කිරීමට සැලසුම් නොකරන බවත් එහෙත් පරීක්ෂණවල අවසන් ප්‍රතිඵල ලැබෙන තුරු නිවෙස්වලට සිටින්නැයි උපදෙස් දුන් බවත් ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (29) සඳහන් කළේය.

බදාදා වූහන් සිට පැමිණි දෙදෙනකු පරීක්ෂණවලට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළ බවත් පසුව ඔවුන් පරීක්ෂණවලට මුහුණදීමට කැමැත්ත පළ කළ බවත් ජපන් බලධාරීහු කීහ.

මේ සියල්ල සමඟ කොරෝනා වයිරසය ආසාදනය වූවන් 14 දෙනකු නිශ්චිතව හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනකු තවමත් රෝගා ලක්ෂණ පෙන්වා නැති බවත් ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය අද (30) සඳහන් කළේය.

පසුගිය කාලයේදී චීනයට ගමන් නොකළ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ජපානය බදාදා (29) අනාවරණය කළේය.

සංචාරක මඟ පෙන්වන්නියක වන ඇය පසුගිය කාලයේදී වූහාන් නගරයෙන් පැමිණි චීන සංචාරකයන් පිරිසකට තම සේවය ලබා දී තිබෙන අතර වයිරසය ආසාදනය වූ එම බස් රථයේ රියදුරු සමඟ එකම බස් රථයේ ගමන් කර ඇති බව ද අනාවරණය. චීනයෙන් පිටතදී කොරෝනා වයිරසය ආසාදන සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව එය විය.

ඒ.එෆ්.පී.

055 

 



අදහස් (0)

වූහාන් නගරයෙන් මුදාගත් තිදෙනෙකුට කොරෝනා වැළදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site