1995 වර්ෂයේ ටෝකියෝ උමං දුම්රිය මාර්ගයට විෂ වායු ප්‍රහාරයක් එල්ලකළ ජපානයෙන් ඕම් ෂින්රික්සෝ කල්ලියේ සාමාජිකයන් 13දෙනෙකුට ළඟදීම ඔවුන්ට හිමිවූ මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට එරට බලධාරීන් ක්‍රියාකරනු ඇතයි වාර්තාවේ. එහෙත් ජපානය මරණීය දණ්ඩනය ඉතාමත්ම රහසිගත ලෙස ක්‍රියාත්මක කරන රටක් බැවින් දිනය කවදාදැයි ස්ථිර නොමැති මුත් කිනම් මොහොතක හෝ සිදුවිය හැකිබව විදෙස් මාධ්‍ය අද (20) වාර්තාකර තිබේ.
1995 වර්ෂයේ සිදුවූ මෙම සිද්ධියට අදට (20) අවුරුදු 23 ක් සම්පූර්ණ වූ අතර එය කල්ලි නායක ෂොකෝ අසහාරා සහ ඔහුගේ කල්ලියේ සාමාජිකයන් විසින් සිදුකරන ලද මෙම සිදුවීමට එකල ලොවපුරා විශාල ප්‍රසිද්ධියක් සහ විරෝධයක් ඇතිවිය. නඩු විභාගයකින් පසු එම කල්ලියේ නායක ෂොකෝ අසහාරා සහ ඔහුගේ අනුගාමිකයන් 12 දෙනෙකු මිනීමැරුම් 27 ක් සදහා වැරදිකරුවන් වී මරණීය දණ්ඩනය නියම වී මේ දක්වා සිරගතකර ඇත.
මේ වනවිට ඔවුන් හත්දෙනෙකු රැදවුම් මධ්‍යස්ථාන 5 කට යොමුකර ඇති අතර මින් අදහස් වනුයේ ඔවුන්ගේ මරනය ඉතාම ආසන්න බව ස්ථිර බව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.. ජපානයේ මරණීය දණ්ඩනය ලබාදෙන ක්‍රමය වනුයේ සිරකරුවන් එල්ලා මැරීමෙනි. ඔවුන් මරාදමන ස්ථානය හෝ දිනය ඔවුන්ගේ පවුලට හෝ නීතිවේදියා හට ලබා නොදේ. එසේම මරනය දැනුම් දෙනුයේ මරාදැමීමෙන් පසුවය.
සාමාන්‍යයෙන් එරට මරණීය දණ්ඩනය ලබාදෙන සිරකරුවන් හටද එය දැනගැනීමට හැකිවනුයේ එදින උදේ නිළධාරීන් ඔහුගේ සිර මැදිරිය වෙත පැමිනීමෙන් පසුවය. උදේ ආහාරයෙන් හෝ දුම් පානයකින් පසුව ඔහුව මරාදැමීම සදහා රැගෙන යයි.
(255)
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විෂවායු එල්ල කළ 13ට ළඟදීම මරණ දඬුවම