ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ ගමන් කරමින් තිබූ මගී දුම්රියක් අධිවේගී මාර්ගයක් මතට කඩාවැටීමෙන් අවම වශයෙන් තිදෙනකු මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
සියැටල් සිට පෝට්ලන්ඩ් වෙත ගමන් කරමින් තිබූ දුම්රිය අනතුරට පත්වීමට පෙර පැයට කිලෝමීටර් 130ක වේගයෙන් ධාවනය වී ඇති බව බලධාරීහු පවසති.
ඇම්ට්‍රැක් දුම්රිය සේවයට අයත් මෙම දුම්රිය මංගල ගමන මෙය බව පැවසනෙ අතර
පොලිසිය පවසන්නේ ධාවනය වෙමින් තිබූ දුම්රිය පීලි පැනීම නිසා පහළ අධිවේගී මාර්ගයට කඩා වැටී ඇති බවයි.
අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථ පහක් සහ ලොරි දෙකක් මේ හේතුවෙන් අනතුරට පත්වී තිබේ.
මරණයට පත්වූ සියලුදෙනා දුම්රියේ ගමන්ගත් අය බවත් අනතුරට පත්වන අවස්ථාවේ දුම්රියේ මගීන් 77ක් සහ සේවකයින් හත්දෙනකු ගමන් කර ඇති බවත් දුම්රිය සමාගම පවසයි.
(රොයිටර් ඇසුරිනි - 085)


2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2392
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වොෂින්ටන් ප්‍රාන්තයේ දුම්රිය අධිවේගයට වැටී 3 ක් මරුට