IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


විශ්ව රූ රැජින කිරුළ ඉන්දීය සුරූපිනියට

2021 වසරේ විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කළ 21 හැවිරිදි පන්ජාබ් සුරූපිනිය හර්නාස් සන්දු සමත් වූවාය. විශ්ව රූ රැජින තරගාවලිය පැවැත්වූයේ ඊශ්‍රායලයේ එපියාත් නුවර, 'යුනිවර්ස් එරීනා' රඟහලේ දීය. මෙය 70 වැනි විශ්ව රූ රැජින තරගාවලියයි.

විශ්ව රූ රැජින කිරුළ ඉන්දීය සුරූපිනියකට හිමිවුණු තෙවැනි අවස්ථාව මෙයයි. හර්නාස්ට පෙර විශ්ව රූ රැජින කිරුළ දිනූ ඉන්දීය සුරූපිනියන් වන්නේ, සුෂ්මිතා සෙන් සහ ලාරා දත්තා ය. ලාරා දත්තා විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලඳියේ 2000 වසරේදීය.

මෙවර විශ්ව රූ රැජින කිරැළ පැලැඳි හර්නාස් මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරයි. රටවල් 80 ක සුරූපිනියෝ විශ්ව රූ රැජින කිරුළ සඳහා ඉදිරිපත්ව සිටියහ. මෙවර, විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පැරගුවේ රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය නාඩියා ෆෙරෙයිරාටත් තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාව නියෝජනය කළ ලලිලා ස්වනේටත් හිමිවිය.

(රොයිටර්)



අදහස් (2)

විශ්ව රූ රැජින කිරුළ ඉන්දීය සුරූපිනියට

gagana Monday, 13 December 2021 02:14 PM

අපේ අය කවදාවත් මේ තරඟ වලින් තේරෙන්නෑ. මොකද හැදුනුම්පතේ කට්ට කලුයි, තරගෙදි බෙහෙත් ගහල පාට උඩ ගිය සුද්දියෝ වගෙයි. ඇත්තටම දුඹුරු වර්ණය ප්‍රිය නොකරන ඉන්දියානුවෝ සහ ලංකාවේ සමහර ගෑනු ලෝකේ ඉන්න ලොකුම වර්ණවාදියෝ .

:       2       2

Sameera Monday, 13 December 2021 02:49 PM

විශ්ව රූ රැජින වෙන්නෙ හැම වාරෙකම අපේ පෘතුවියේ කෙනෙක්මනේ. ඒලියන්ස්ල ඔක්කොම අපේ අයට වඩා කැතයිද?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site