IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වායු දූෂණය දරුවන්ගේ මාරයා වෙයි

වායු දූෂණය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් අවුරුදු පහට අඩු දරුවන් 600,000 පමණ වාර්ෂිකව මියයන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ් සංවිධානය) පවසයි. මෙය මැලේරියාව සහ ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් මියයන සංඛ්‍යාවේ එකතුවටත් වඩා වැඩි අගයකි. විශේෂයෙන් දිළිඳු රටවල වායු දූෂණය වැඩිවශයෙන් පවතින බව ඔවුන්ගේ වාර්තාවේ දැක්වේ.

කුඩා දරුවන්ගේ වර්ධනය වන පෙනහළු පමණක් නොව මොළයේ සෛල වලටද දූෂිත වාතය මගින් හානි සිදුවන බවත් එමගින් ඔවුන්ගේ අනාගතයටද බලපෑම් ඇතිවන බවත් වාර්තාවේ දක්වා ඇත. නොවැම්බර් මාසයේදී මොරොක්කෝවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස සමුළුවේදී මෙම සම්පූර්ණ වාර්තාව එළි දැක්වීමට නියමිත බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

වායු දූෂණය සම්බන්ධව ඉතාමත් ඉක්මනින් පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියි. මෙම ක්‍රියාවලියේදී අනුගමනය කළයුතු පියවර හතරක් ඔවුන් පෙන්වා දී තිබේ.

බලශක්ති අවශතා සඳහා සිදුකරන ඉන්ධන දහනය අවම කිරීම. විශාල වශයෙන් දරුවන් මියයෑමට හේතුවක් වන නිව්මෝනියා රෝගය සඳහා ප්‍රතිශක්තිකරණ වැඩසටහන් වලට පුමුඛත්වයක් ලබාදීම. කර්මාන්තශාලා සහ වෙනත් වායු දූෂක ස්ථාන වලින් පාසල් ඉවතට ගෙනයෑම සහ නිවසේ උඳුන් වලින් පිටවන දුම පිරිසිදු කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මෙම පියවර වලට ඇතුලත් වේ. එසේම වායු දූෂණ ගණනය කිරීම නිරන්තරව සිදුකළ යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි.

151022135937-smog-woman-2-mask-pollution-exlarge-169 161030144651-air-pollution-children-unicef-medium-plus-169

 



අදහස් (0)

වායු දූෂණය දරුවන්ගේ මාරයා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site