IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වඳුරකු නිසා ලිබියාවේ ගැටුම්

වෙනත් පුද්ගලයකු සුරතලයට ඇති කළ වඳුරකු සපාකෑම නිසා තම දියණිය තුවාල ලැබුවේ යැයි උරණවූ දෙමාපිය යුවළක් එයට පළිගනු වස් ඇති කරගත් ගැටුමක් පුද්ගලයින් 20 දෙනකු මරණයට පත්වීම දක්වා දුරදිග ගොස් ඇති පුවතක් ලිබියාවෙන් වාර්තා වේ.

ගෝත‍්‍ර දෙකකට අයත් ජන කොටස් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර මුලින් මරු දැක ඇති බව සදහන් වන්නේ වඳුරාගේ හිමිකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකි.

මෙම ගෝත‍්‍ර දෙක අතර කාලයක පටන්ම හිත් අමනාපකම් පැවත ඇති බව පැවසේ.

දින ගණනාවක් පුරා ඇවිලෙන ගැටුම තවමත් අවසන්ව නොමැති බවත්, මියගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිීට වඩා වැඩි විය හැකි බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

ලිබියාව අසාර්ථක දේශයක් ලෙස සැළකෙන අතර, හිටපු පාලක මුවමර් ගඩාෆිගේ මරණයෙන් පසු එරට පාලනය රජයක් යටතට පත්වුවද තවමත් ලිබියාව එක්සත් කිරීමට නොහැකිව ඇත.

ලිබියාවේ ඇතැම් කොටස් වල පාලනය පවතිනුයේ රජය යටතේ නොව විවිධ ජන කොටස් යටතේය.රටේ සම්පූර්ණ පාලනය දිනා ගැනීමට මෙම ජන කොටස් එකිනෙකා සමග මෙන්ම රජය සමගද යුද වැද සිටින්නේය.

 

 

 



අදහස් (0)

වඳුරකු නිසා ලිබියාවේ ගැටුම්

භද්‍රානි Tuesday, 22 November 2016 10:43 AM

ලංකාවේ ඉන්න වඳුරන් හා අමනුස්සයොත් ඔයිට දෙවැනි නැහැ. හැබැයි, මෙහෙ ඉන්න අමනුස්සයෝ හිතාගෙන ඉන්නේ, ඔවුන් බෝධි සත්වයෝ කියලයි. එච්චරයි වෙනස..(බ)

:       0       0

කෝනාර Tuesday, 22 November 2016 03:34 AM

කුලමල, ජාති, ආගම් මුල්කරගත් සෑම රටක්ම, සෑම ජාතියක්ම අභාවයට යනු ඇත. මෙය එය සනාථ කරන තවත් සිදුවිමකි. (නි)

:       0       0

සාගර Tuesday, 22 November 2016 04:06 AM

ලංකාව ගැන ඉදිරියේදී මේ වගේ පුවත් අහන්න නොලැබුනොත් ලොකු දෙයක්...විශේෂයෙන් අසාර්ථක රාජ්‍යයක් වගේ දේවල්. (බ)

:       0       0

චම්පික Tuesday, 22 November 2016 04:10 AM

අනේ සුසන්ත, තිරිසන් සතාට මොන දඬුවම්ද? එ්කා තිරිසන් සතා! දඬුවම් දියයුත්තේ එවන් සතුන් හදන කෙනාට. එවන් සතුන් හදන්න නීතියෙන් අවසර තිබේනම් වරද වන්නේ අනිත් පාර්ශව වලට කරදර වන අයුරින් සතා ඇති කිරීම වන අතර, එසේ අවසර නැත්නම් වරද වන්නේ සතා ඇති කිරීම වේ. (බ)

:       0       0

නුවන් Monday, 21 November 2016 02:43 PM

අපි නම් දන්නවා ඔය ගෝත්‍ර දෙක මොකක්ද කියලා.(හේ)

:       0       0

ධම්ම Monday, 21 November 2016 04:36 PM

ඉරාකය, ඇෆ්ඝනිස්තානය වගේම ඇමෙරිකාව විසින් විනාශකළ තවත් රටක් මේක. දැන් ඉතින් පාලනයක් නැති මේ රටේ මොනවද නොවෙන්නේ. (නි)

:       0       0

සුසන්ත Monday, 21 November 2016 10:26 PM

වඳුරාට දඬුවම් කරනු වෙනුවට අනේ හෑබෑටම මේ මිනිස්සු කරන දේවල්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site