IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වෛද්‍ය නොබෙල් ත්‍යාගය ඇමෙරිකාවට

වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාන විද්‍යාඥයන් තිදෙනකු සමත්ව තිබේ.

බොහෝ ජීවි දෑ වල නින්ද-අවදි වීම යන චක්‍රය පාලනය කරන ‘ජෛව ඔරලෝසු’ සම්බන්ධයෙන් කරන ලද සොයාගැනීම්, පර්යේෂණ ආදිය සම්බන්ධයෙන් ජෙෆ්රි සී. හෝල්(72), මයිකල් රොස්බෑෂ් (73) සහ මයිකල් ඩබ්. යන්ග්(68) යන ජාන විද්‍යාඥයන්ට වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය හිමි වන බව නොබෙල් සභාව නිවේදනය කළේය.

ඔරලෝසුවක් ස්ථාපිත කිරීමේදි ජාන කරන කාර්ය සොයා ගැනීමට ජෙෆ්රි සී. හෝල්, මයිකල් රොස්බෑෂ් සහ මයිකල් ඩබ්. යන්ග් යන ජාන විද්‍යාඥයන් තිදෙනා සමත් වූ බවත් එමගින් නින්ද, ආහාර රටා, හෝර්මෝන සහ ශරීර උෂ්ණත්වය නියාමනය කරන බවත් නොබෙල් සභාව ප්‍රකාශ කළේය.

වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය දිනාගත් ජාන විද්‍යාඥයන්ගේ සොයාගැනීම්වලින් ශාක, සත්වයන් හා මනුෂ්‍යයන් ඔවුන්ගේ ජෛව රිද්මයට හැඩ ගැසෙන ආකාරය සහ පෘථවියේ පරිභ්‍රමණය සමඟ සමමුහුර්ත වන ආකාරය පැහැදිලි කර තිබෙන බව එම සභාව තවදුරටත් කීවේය.

වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාග මුදල වන ස්වීඩන ක්‍රෝනෝර් මිලියන 9 (එක්සත් ජනපද ඩොලර් මිලියන 1.1) ඔවුන් තිදෙනා අතරේ සම සමව බෙදී යයි. එමෙන්ම නම සඳහන් කරන ලද නොබෙල් පදක්කමක් ඔවුන් තිදෙනාට හිමි වේ.

 (ඒ.එෆ්.පී-055)



අදහස් (2)

වෛද්‍ය නොබෙල් ත්‍යාගය ඇමෙරිකාවට

ලුම්බිණි Tuesday, 03 October 2017 09:37 AM

අපිත් එහෙම පස්සට යන අය නොවෙයි. අපේ දොස්තර මහත්වරු ලෝකයේ වැඩිම වර්ජන කිරීම හේතුවෙන් නොබෙල් ත්‍යාගය දිනා ගන්න ඉඩ තියෙනවා.

:       112       196

Nimal Tuesday, 03 October 2017 10:35 AM

ඔන්න එකටත් බනින්නේ ලංකාවේ වෛද්‍යවරුන්ට. ඔය සම්මානය අපේ රටට ලැබුනත් ඉතින් කියයි 'වැඩ වර්ජනය නොකරපු දොස්තරලට මේක ලැබුනා' කියල.

:       27       114

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site