IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලොව ළාබාලතම නායකයා ඔස්ට්‍රියාවෙන්

වියනාහිදීය (රොයිටර්)
 
ඔස්ට්‍රියාවේ සහ කන්සර්වේටිව් පක්ෂයේ 31 හැවිරිදි සෙබස්තියන් කර්ස් එරට මැතිවරණයෙන් ජයගනු ඇතැයි ඔහු එරට පමණක් නොව ලොව ළාබලතම නායකයා බවට පත්වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. 
 
ඒ අනුව ඔස්ට්‍රියාවේ අන්ත දක්ෂිණාංශික පක්ෂය සෙබස්තියන් කර්ස් ප්‍රමුඛ එරට කන්සර්වේටිව් පක්ෂය වන ‘ඔස්ට්‍රියා ජනතා පක්ෂය’ සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි පැවසේ. 
 
මැතිවරණයේ අද (16) දහවල් වනවිට ප්‍රකාශිත ඡන්දවලින් වැඩි ආසන ප්‍රමාණයක් දිනාගැනීමට සමත්ව සිටියේ සෙබස්තියන් කර්ස් ප්‍රමුඛ එරට කන්සර්වේටිව් පක්ෂය වන ‘ඔස්ට්‍රියා ජනතා පක්ෂය’යි.
 
මෙය යුරෝපයේ ජනප්‍රියවාදී ලැබූ ජයග්‍රහාකයන් යැයි ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දී තිබිණි.

දැනට ප්‍රකාශිත ආසනවලින් වැඩි ප්‍රමාණයක බලය තහවුරු කරගැනීමට සෙබස්තියන් කර්ස්ගේ පක්ෂය සමත්වී තිබෙන අතර මෙම ජයත් සමඟ කර්ස් ඔස්ට්‍රියාවේ ළාබලතම චාන්සලර්වරයා ලෙස තේරී පත්වීමට නියමිතව තිබේ. එපමණක් නොව ඔහු ලොව සිටින ළාබලතම රාජ්‍ය නායකයා වනු ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි. 
 
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය, ජර්මනිය, හංගේරියාව, පෝලන්තය ඇතුළු රටවල ජාතිකවාදීන්ගේ නැගී සිටීමත් ධනවත් සාමාජික රටක් වන ඔස්ට්‍රියාව දක්ෂිණාංශ ගතවීම බ්‍රසල්ස් හි පිහිටි යුරෝපා සංගමයට තවත් අලුත් හිසරදයක් වනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 

(055)

 



අදහස් (7)

ලොව ළාබාලතම නායකයා ඔස්ට්‍රියාවෙන්

Perakum Monday, 16 October 2017 10:41 AM

අපටත් අවශ්‍ය මෙන්න මේ වගේ නායකයෝ...!

:       1       117

sarath Monday, 16 October 2017 01:52 PM

ඔවුන්ට ඔවුන්ගේ රට, ඉතිහාසය සහ රට ගොඩනැගුනු ආකාරය, චාරිත්‍ර වාරිත්‍ර වටිනවා.... එ්කට අපේ..... ආනන්දෙත් විනාශ කරන්න හදනවා !

:       2       55

nimal Tuesday, 17 October 2017 01:20 AM

අපිත් අපේ නාමල් බේබි වගේ උගත් කෙකෙන් මීළඟ ජනාදිපති කරමු .

:       36       9

de silva Tuesday, 17 October 2017 06:40 AM

මොහු ජතිවාදී පිළිවෙතක් අනුගමනය කරන්නෙක් ....................

:       13       3

Perakum Tuesday, 17 October 2017 08:46 AM

ද සිල්වා මහත්තයා කවුරු ගැනද මේ කියන්නේ? ඔබතුමා දන්නේ නැතුව ඇති ජාතිවාදය කියන්නේ ජාත්‍යාලයට නොවන බව...! මේ රට අපේ ලංකාවට වඩා හුඟක් ඉදිරියෙන් ඉන්නේ.

:       0       14

de silva berlin Wednesday, 18 October 2017 08:19 AM

මොහු උග්‍ර දක්ෂිණාෂික පිළිවෙතක් අනුගමනය කරන්නෙක්. තව මාස කිහිපයකින් ප්‍රතිඵල බලාගන්න පුළුවන්...

:       0       0

සිංහවංශ Monday, 13 November 2017 08:20 AM

මහේස්ත්‍රාත් දුන් ජාතිවාදී තීන්දුවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අභියෝග කිරීම හොඳ දෙයක්. නමුත් එහි අරමුණ ගැන සැකයි. දුන් තීන්දුව ස්ථිර කිරීමට හා වෙනස් නොවන ලෙස ගත් ක්‍රියාමාර්ගයක් ද විය හැකියි. මේ ආණ්ඩුව තියෙනකම් සිංහලයාගේ අයිතිය උදුරා ගැනීමට එරෙහිව කිසිවක්‌ සිදු වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site