ලොව මෙතෙක් හමුවූ විශාලතම ස්වභාවික මුතු ඇටය පිලිපීනයෙන් හමුවූ බව විදෙස් පුවත් සේවා පවසයි.
එය කිලෝ 34ක් බර එකක් බව එරට බලධාරීහු කියති.
ධීවරයකුට මීට වසර 10කට පෙර මෙය හමුවී ඇති අතර පසුව ඔහු එය පිලිපීන බලධාරීන් දැනුම්වත් කර ඇති බවත් ඉන්පසු එහි වටිනාකම ගණනය කිරීම ඇරඹූ බවත් එරට ආරංචි කියයි.
‘ඔහු එය රැගෙන ආ විට අප පුදුමයට පත්වුණා‘ යැයි බලධාරීහු කියති.
මුතුව සෙන්ටිමීටර් 61ක් පළලින් හා සෙන්ටිමීටර් 30ක් දිගින් යුතු බවත් කිලෝ 6.4ක් බරැති මීට පෙර ලොව විශාලතම මුතුව ලෙස සොයාගත් චීනයේ වාර්තාව පහසුවෙන්ම බිඳ දැමිය හැකිවන බවත් පිලිපීනය පවසයි.
2025 නොවැම්බර් මස 04
619
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2309
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1717
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව විශාලතම මුතු ඇටය පිලිපීනයෙන්
බොනී Thursday, 25 August 2016 08:35 PM
මෙය නම් පුදුමාකාරයි (නි)
සම්පත් පතිරණ Thursday, 25 August 2016 12:53 PM
ඇත්ත මුතු ඇටය මෙහෙම නම් බෙල්ලාගේ ශරීර ප්‍රමාණය කොහොම ඇද්ද (නි)
ශ්‍රීනා මාග්‍රට් Wednesday, 24 August 2016 05:01 PM
අපේ ඒ සුන්දර මුතුඇටය වෙනස්කළේ දේශපාලුවෝ (නි)
ලක්ෂි Wednesday, 24 August 2016 06:31 AM
දැන් ඉන්දියන් සාගරේ මුතු අැටේට වටිනා කමක් නැද්ද (බ)
පාලිත Friday, 26 August 2016 12:16 AM
ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා ලංකාවට කිවුවේ එහි පිහිටීමේ හැඩයට (නි)
ප්‍රියන්ත Thursday, 25 August 2016 02:32 PM
මාලක මේක තඩි බෙල්ලෙකුගේ (බ)
මාලක Thursday, 25 August 2016 01:40 AM
ශ්‍රීනා, ඒ දේශපාලුවන් පත්කළේ කවුද? මා අසා තිබෙන විදිහට ස්වභාවික මුතු ඇට හැදෙන්නේ බෙල්ලෙකු තුළට ඇතුළුවන ද්‍රව්‍ය එළියට තල්ලු කිරීමේ වෑයමේදී පිටකරන ශ්‍රාවයන් ඝනවීමෙන් කියයි. නමුත් මෙය එසේ සෑදුනක් ලෙස සිතීමට අමාරුයි (නි)
අසෝකා Wednesday, 24 August 2016 11:59 AM
ලෝකයේ වටිනාම මුතු ගැන තවම ඔබ දන් නැහැ වගෙයි... "එකමුතු" කමට වැඩියෙන් කොයි මුතුත් මිලයෙන් අඩුයි... (ර)
අනුරාධ Wednesday, 24 August 2016 01:11 PM
අන්න හරි අශෝකා,(හේ)
බෙන් Friday, 26 August 2016 10:17 AM
මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)
රුවන් Wednesday, 24 August 2016 01:14 PM
ආ දැන් එ්ක ඉන්දියන් සාගරේ අමුතු ඇටේ. ඒක නැති කළේ ඔයාලමයි. අපි මෙහෙ ඉඳන් බලා ඉන්නේ අපේ රටට වෙන විනාශේ (බ)
ඇඩම් Wednesday, 24 August 2016 02:50 PM
මුතු ඇටය දැන් අමුතු ඇටය වෙලා තියෙන්නේ.(රේ)
සිතුමිණි - ලන්ඩන් Wednesday, 24 August 2016 09:29 AM
ලක්ෂි, ඒ ඉස්සර, 1960 ගණන් වල. දැන් ඒ මුතු ඇටේට එහෙම කියන්නේ නැහැ. ඒ මුතු ඇටේ ඉවරෙටම ඉවරයි. අපිට අපේ වාසනාවන්ත රට නැතිවුණා. (නි)