ජොහැන්නස්බර්ග්හිදීය (ඒ.එෆ්.පී)
ලෝකය “අමුතු, නුපුරුදු සහ අවිනිශ්චිත” කාලයකට පැමිණ ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
දකුණු අප්‍රිකාවේ අසාහය නායකයා ලෙස හැඳින්වෙන නෙල්සන් මැන්ඩෙලාට උපහාර දක්වමින් වාර්ෂික දේශනයක් පවත්වන අතර මෙවර එම දේශනය කරමින් ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඒ බව සඳහන් කළේය.
දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ සියවැනි ඡන්ම දිනය අද (18) ට යෙදී තිබිණි. ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා තම දේශනයේදී ව්‍යංගයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විවේචනය කළේය.
“අසාධාරණ ලෙස සලකන, ප්‍රතිවිරෝධී සහ බියජනක සහ ත්‍රාසය පිරුණු දේශපාලනය” ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් නිශ්චිත කරුණු සහ සාධකවලට අවමන් කරන සහ කිසිදු හිරිකිතයක් නොමැතිව අසත්‍ය වපුරන නායකයන් ඊට නායකත්වය දෙන බව ද ඇමෙරිකා හිටපු ජනාධිපතිවරයා සිය දේශනයේදී සඳහන් කළේය.
කාලගුණ විපර්යාස ප්‍රතික්ෂේප කරන, ජාතිය පදනම් කරගත් සංක්‍රමණික ප්‍රතිපත්ති, නොහික්මුණු සහ කිසිදු පාලනයක් නැති ධනවාදය සහ අධිකාරිවාදී පාලනය ද බැරැක් ඔබාමාගේ විවේචනයට ලක්විය. එම සඳහන් කළ කරුණු සියල්ලම ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මතභේදාත්මක වසර දෙකකට ආසන්න ජනාධිපතිධුර කාලයේ ප්‍රධාන ලක්ෂණය.
“අප සිටින අමුතු, නුපුරුදු සහ අවිනිශ්චිත කාලයේදී, සෑම දිනයකම අසන්නට දකින්නට ලැබෙන්නේ ඔළුව අවුල් වියවුල් කරන කරදරකාරී පුවත් සිරස්තලය. මොහොතක විවේකයක් ගෙන වෙන්නේ මොනවාදැයි සිතා බැලීම ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා” සිය දේශනය ආරම්භයේදී ඔබාමා කීය.
ජොහැන්නස්බර්ග් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි දස දහසකට වැඩි ජනතාවක් අමතමින් ඔබාමා සිය දේශනය කළේය.
“එය සියල්ලේම කොටසක් වෙලා. මොකද ආණ්ඩු සහ බලවත් ප්‍රභූන් අසමත් වෙලා. ඒ නිසා රාජකාරී කිරීමේ පැරැණි, වඩාත් භයානක සහ වඩාත් මිලේච්ඡ පැරැණි ක්‍රමයට ලෝකය ගමන් කරමින් තිබෙනවා. ලෝකය එම පැරැණි ක්‍රමයට ගමන් කිරීමේ තර්ජනයට ලක්ව තිබෙනවා” යැයි ද ඔබාමා කීවේය.
නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන අතර බැරැක් ඔබාමා ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු කළු ජාතික ජනාධිපතිවරයාය. දෙදෙනාම නොබෙල් සාම ත්‍යාගලාභීහු ද වෙති.
055
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝකය අමුතු නුපුරුදු සහ අවිනිශ්චිත කාලයකට පැමිණිලා - බැරැක් ඔබාමා
aslam Thursday, 19 July 2018 09:40 AM
මෙයත් එච්චරයි. මෙයත් බලයේ ඉන්න කාලේ ඕවට අනුබල දුන්න කෙනෙක්තමයි. හැම දේශපලකයම එකයි බැලුවහම.....