ජීනිවාහිදීය (රොයිටර්)
රොහින්ජා මුස්ලිම් දරුවන් ලොවට අහිමි දරු පරම්පරාවක් බවට පත්වීමේ අවදානමක් හටගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (24) අනතුරු ඇඟවීය.
බංග්ලාදේශයේ අවතැන් කඳවුරුවල සිටින රොහින්ජා දරුවන් විවිධ රෝගාබාධ ගොදුරු වීමේ අවදානමක් හටගෙන ඇතැයි ද මියන්මාරයේ සිටින රොහින්ජා දරුවන්ට නිසි අධ්‍යාපනයට ප්‍රවේශ වීමටත් හැකියාවක් නැතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් එහි ළමා අරමුදල (යුනිෆෙස්) විසින් ඇගයීමක් කර තිබේ. එයින් අනාවරණය වූ තොරතුරු කනගාටුදායක තත්ත්වය පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි.
පසුගිය වසරේදී රොහින්ග්‍යා වැසියන් සහ මියන්මාර ආරක්ෂක අංශ ගැටුම් උත්සන්න විය. එම ගැටුම් උත්සන්න වීමත් සමඟ රොහින්ජා වැසියෝ 700,000කට වැඩි පිරිසක් මියන්මාරයෙන් පලා ගියහ.
දේශසීමාවේ දෙපැත්තේම සිටින රොහින්ජා දරුවන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල එම ඇගයීම සිදු කර තිබේ.
“රොහින්ජා දරුවන් ලොවට අහිමි දරු පරම්පරාවක් අහිමි වීමේ අවදානමට අපි මුහුණ දී සිටිනවා. අපි කතා කරන්නේ එය ගැනයි” ජීනිවා නුවරදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සයිමන් ඉන්ග්‍රම් පැවැසීය. ඔහු බංග්ලාදේශයේ කොක්සිස් බසාර් දිස්ත්‍රික්කයේ රොහින්ග්‍යා අවතැන් කඳවුරුවල සති හයක කාලයක් ගත කිරීමෙන් අනතුරුව එම පුවත් සාකච්ඡාව පැවැත්වීය.
“ලක්ෂ පහකට ආසන්න දරුවන් පිරිසක් බංග්ලාදේශයේ හෝ ඒ දේශසීමාවේ සිටිනවා. තවත් බොහෝ පිරිසක් රඛීන් ප්‍රාන්තයේ සිටිනවා. ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට තිබෙන අවස්ථා ඉතා සීමිතයි. අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් නැති තරම්” ඉන්ග්‍රම් කීය.
රටක් රාජ්‍යයක් නොමැති රොහින්ජා වැසියන් 530,000 ත් 600,000ත් අතර පිරිසක් තවමත් රඛීන් ප්‍රාන්තයේ සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. එයින් 360,000ක් දරුවන් බව පැවසේ. රඛීන් ප්‍රාන්තයට යෑමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති අවස්ථා ඉතා සීමිත බව පැවසේ.
තමන් රඛීන් ප්‍රාන්තයේ ස්වදේශිකයන් යැයි රොහින්ජා වැසියෝ පවසති. එහෙත් ඔවුන් අයුතු ලෙස මියන්මාරයට පැමිණි පිරිසක් යැයි මියන්මාරයේ බෞද්ධ බහුතරය පවසති. එමෙන්ම බහුතර බෞද්ධයෝ රොහින්ග්‍යා වැසියන්ට පුරවැසිභාවය ලබාදීම ද ප්‍රතික්ෂේප කරන අතර ඊට දැඩි විරෝධයක් එල්ල කරති.
(055)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රොහින්ජා දරුවන් ලොවට අහිමි වීමේ අවදානමක්
Chaminda Thursday, 23 August 2018 02:43 PM
ඕක ලොකුවට පුම්බන්න එපා මේ අය ඉල්ලන් කලානේ තියෙන්නේ මෙව්වා හිතන්න තිබ්බේ මීට ඉස්සෙලා. ලංකාවෙත් ඕකම ඉස්සරහට වෙයි කියල හිතන්න පුළුවන් ලංකාවේ පාලකයෝ ස්වාධීනව නීතිය එකලෙස ක්‍රියාත්මක කලේ නැත්නම්
Bamunuarachchi Thursday, 23 August 2018 03:14 PM
එහෙත් ඔවුන් අයුතු ලෙස මියන්මාරයට පැමිණි පිරිසක් යැයි මියන්මාරයේ බෞද්ධ බහුතරය පවසති. කතාව ඇත්ත. මොකද ලංකාවෙත් අවුරුදු 700 පෙර මුස්ලිම් කාරයෝ හිටියාද ? මේ ගොල්ලෝ ද්‍රවිඩයින් සමග දකුණු ඉන්දියාවෙන් පාත් වුන අය.
Nafeek Thursday, 23 August 2018 03:45 PM
ගෙන්න ගන්න කියන්නකො අරාබි රටකට. කාන්තාර වල ඕනේ තරම් ඉඩත් තියෙනව.
Sugath Friday, 24 August 2018 05:24 AM
රෝහින්ග්‍ය විතරක් නොවෙය් සියලුම මුස්ලිම්වරුන් වෙන රටවල් වලට ගිහින් තමන්ගේ ආධිපත්‍ය පතුරනවා. අන් සියලුම රටවල් වල ප්‍රශ්න ඇති කරනවා. ඔවුන් තමන්ගේ රටේ ප්‍රශ්න නිසා තමය් අන් රටවල්වලට යන්නේ. එහෙම ගියාම ඒ රටේ ප්‍රශ්න ඇති කරන්නේ නැතුව එම රටේ නීතියට අනුව හැඩගැහෙන්න ඕනේ . එහෙම නැත්නම් ඔවුන්ට හැම රටකම වැසියන් විරුද්ද වේවි. මේ මුස්ලිම් ප්‍රශ්නය මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.
mangala Friday, 24 August 2018 09:23 AM
ඉන්දුනීසියාවේ කාන්තාවක් මුස්ලිම් පල්ලියේ ශබ්දය කරදරයක් කීවට සිරදඩුවමක් දීලා. කොහොමද එහෙ සංහිඳියාව...