රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ප්‍රතිඵල අතුරින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ලබා ජනපති පූටින්ගේ එක්සත් රුසියා පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
තමා ඉතා හොඳ ප්‍රතිඵලයක් ලැබූ බව පූටින් පවසා ඇත.
එල්ඩීපීආර් සහ කොමියුනිස්ට් පක්ෂය සියයට 14 -16ත් අතර ඡන්ද ප්‍රමාණයක් ලබා සිටින බවද වාර්තාවේ.
ලිබරල් පක්ෂ 5% ඡන්ද කඩයිම ලබාගැනීමට නොහැකිව මැතිවරණයෙන් ඉවතට විසිවන ලකුණු පෙනී යන බවද කෙසේ නමුත් ස්වාධීන මට්ටමින් ඔවුනට ආසන කිහිපයක් ලැබීමට ඉඩ ඇතැයි ද රුසියා දේශපාලන ආරංචි සඳහන් කරයි.
අගමැති දිමිත්‍රි මේදෙව් නායකත්වය ලබාදෙන එක්සත් රුසියා පක්ෂය 44.5%ක ඡන්ද ලබා මහ මැතිවරණයේ ප්‍රතිඵල අඩක් පිටවී අවසන් වනවිට විශාල පරතරයක් සහිතව ඉදිරියෙන් සිටී.
ඡන්ද කොමසාරිස් එල්ලා ටැම්ෆිලෝවා පවසනුයේ ඡන්දය ඉතාම සාමකාමී නීත්‍යනුකූල මට්ටමින් පැවැත්වෙන බවයි. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරනුයේ ඡන්ද පැමිණිලි 1300ක් ලැබී ඇති බවයි.
ඉදිරි අවුරුදු පහේ ‘කළමනාකරණ ප්‍රජාතන්ත්‍රවාදය‘ වෙනුවෙන් මන්ත්‍රීන් 450ක් ඩූමාවට තෝරා ගැනීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියා ඡන්දෙන් පූටින් ඉදිරියටම ඇවිත්
සෑම් Monday, 19 September 2016 10:28 AM
අපේ රටේ නම් ත්‍රස්තවාදයට එරෙහි වුණොත් හිරගේ තමයි.(අ)
බෙනට් Monday, 19 September 2016 10:55 AM
ලෝකේ භුමිය අතින් විශාලතම රට රුසියාව .. මන්ත්‍රීවරු 450 .. ලංකාව 225.. කොහෙන් හිනා වෙන්නද ...(බ)
අනුර Monday, 19 September 2016 11:37 AM
රටේ වාසනාවට පහළවන නියම එඩිතර නායකයන්. (අ)
නුවන් Monday, 19 September 2016 11:37 AM
රුසියාවට පුටින් ඇමරිකාවට ට්‍රම්ප් ලංකාවට ගොඨාභය (අ)
ධම්මික Wednesday, 21 September 2016 06:47 AM
අපේ රටෙත් පූටින් වගේ නායකයෙක් හිටියාද කියලයි මම මේ කල්පනා කළේ (නි)
ප්‍රනාන්දු Tuesday, 20 September 2016 10:50 PM
වෙට් ඔටර්, ගතවූ 30 වසර තුළ ශ්‍රී ලංකාවට වටිනා ජීවිත කොපමණ අහිමි වුණාද කියා ඔබ දනීද? (නි)
ජනක Tuesday, 20 September 2016 03:33 AM
ඔව් ගාමිණි, පිටිගල මිලානෝ, දැන් මේ රට හොරුන්ගෙන් තොර කේතුමතියක් වෙලානේ තියෙන්නේ නේද? (නි)
රිචි බාලසුරිය Wednesday, 21 September 2016 05:09 PM
ජේ ආර් නිසා සිදුවූ දේශපාලන විපර්යාසය තමා අපේ රට නැති කරන්නේ (අ)
රජින්ද Monday, 19 September 2016 01:16 PM
නුවන්ගේ මතය මගෙත් මතයයි. ලංකාව මේ යන විදිහ කොහෙත්ම හොද නැහැ. මුළු ලෝකයේම රටවල මිනිස්සු දැන් හොයන්නේ සාමයෙන් ජීවත් වීමයි. සාමයෙන් ජීවත් වෙන්න නිර්භීත නායකයෙක් ඕන. (බ)
ගාමිණි Monday, 19 September 2016 02:20 PM
ඔව් ඔව් පිටිගල මිලානෝ, ලංකාවට නම් ආයිත් හොරු එපා.(හේ)
වෙට් ඔටර් Tuesday, 20 September 2016 12:27 PM
. වඩා අවශ්‍ය වන්නේ දුර දක්නා නුවන සහ ජනප්‍රිය නොවන නිවැරිදි තීරණ ගැනීමට පසුබට නොවීමය. හොඳම උදාහරණය ජේ.ආර් (අ)
පිටිගල Monday, 19 September 2016 08:42 AM
රටට ඇත්තටම ආදරේ, ජාතික ධනය අවභාවිතා නොකරන, හොරෙක් නොවන පුටින්ව කලින්ම ගෙදර යවන්න බුද්ධිමත් ජනයා කවදාවත් පෙළඹෙන්නේ නැහැ.(හේ)
රිචි බාලසුරිය Monday, 19 September 2016 08:48 AM
ව්ලදිමීර් පුටින් රුසියාවේ බොහෝ ජනප්‍රිය වෙලා , රටවෙනුවෙන් සහ ලෝකයේ ත්‍රස්තයන්ට විරුද්දව කරනා ක්‍රියා වලට , රුසියාවේ පමණක් නොව බොහෝ රටවල ඔහු ජනප්‍රියයි (හේ)