ජීනිවාහිදීය (රොයිටර්)
රුසියාව ඉදිරිපත් කළ පැය පහක සටන් විරාම සැලැස්ම තවදුරටත් වර්ධනය විය යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (01) ප්‍රකාශ කළේය.
නැගෙනහිර ගූථා ප්‍රදේශයේ සිවිල් වැසියන්ට ආහාර, ඖෂධ සහ අනෙකුත් ආධාර සැපයීම, මුදා ගැනීමේ කටයුතු අවස්ථාව සලසා දීමට නම් රුසියාව ඉදිරිපත් කළ දිනකට පැය පහක සටන් විරාම සැලැස්ම තවදුරටත් සකස් විය යුතු යැයි ද පැය ගණන වැඩි විය යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.
පැය පහක සටන් විරාම සැලැස්ම සිරකරුවන් හුවමාරු කරගැනීමට සම්බන්ධ නොවන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේය.
මේ අතර දින 30 සම්පූර්ණ සටන් විරාම කාලයක් වෙනුවෙන් ගෙන යන සටන කිසිදු අවස්ථාවකදී අත් නොහරින බව සිරියාව වෙනුවෙන් පත් කර සිටින එක්සත් ජාතීන්ගේ ස්ටෙෆාන් දි මිස්ථූරා අද (28) පැවැසීය.
දින 30කට සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වුවත් එය නිසි පරිදි ක්‍රියාත්මක වී නැතැයි ද වාර්තා වේ.
මානූෂීය අර්බුද සම්බන්ධයෙන් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැති හමුවේදී රටවල් 23ක් නියෝජනය කරමින් සහභාගී වූ රාජ්‍ය තාන්ත්‍රිකයන් “සිවිල් වැසියන් ආරක්ෂා කරගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අසමත් වී ඇතැයි” ප්‍රකාශ කර ඇතැයි ද තවදුරටත් වාර්තා විය.
055

2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාව ලබා දුන් පැය 5ක සටන් විරාම කාලය වැඩි විය යුතුයි