IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රුසියාව - ඉන්දියාව හා චීනය පොදු එකඟතාවක

ජාත්‍යන්තර කටයුතුවලදී  නීතියේ ආධිපත්‍ය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රුසියාව, ඉන්දියාව සහ චීනය එකඟතාවකට එළැඹ තිබේ. 
 
රුසියා, ඉන්දීය සහ චීන විදේශ අමාත්‍යවරුන්ගේ 15 වැනි ත්‍රෛපාර්ශවීය හමුවේදී එලෙස එකඟතාවකට පැමිණ ඇත. එම සාකච්ඡාවලදී ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම සඳහා රුසියාව ප්‍රමුඛත්වය ගෙන සිරියාව තුළ ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම්වල සාර්ථකත්වය ද ඇගයීමට ලක්ව ඇති අතර සිරියානු අර්බුදයට විසඳුමක් සිරියාව තුළින් ම පැමිණිය යුතු බව රටවල් තුනේ විදේශ අමාත්‍යවරු අවධාරණය කළහ. 
 
ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ්, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙලෙස එක්ව සාකච්ඡා පැවැත්වූහ. මෙම සාකච්ඡාවලදී උතුරු කොරියානු සහ යුක්රේන අර්බුද සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබේ. 
 
සාකච්ඡා අවසානයේදී රටවල් ත්‍රිත්වයේ විදේශ අමාත්‍යවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහිදි පාකිස්තානය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවධානය යොමු නොවී තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
ද හින්දු 055



අදහස් (1)

රුසියාව - ඉන්දියාව හා චීනය පොදු එකඟතාවක

ආරියපාල හේවගේ Wednesday, 13 December 2017 01:40 AM

ඉතාමත් හොද ආරම්භයන්. නව ප්‍රවේශයක්. මෙවැනි ප්‍රබල රටවල් එකතුවීමෙන් යුරෝපීය තනි මතයට විකල්ප ඉදිරිපත් කල යුතුය.

:       2       104

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site