දශක ගණනාවක් මුළුල්ලේ පැවැති සබඳතා අවසන් කරමින් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින අද (23) අවසර දුන්නාය.
වඩාත් ස්වාධීනව හා නිදහස්ව කටයුතු කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කළ අතර එම ක්‍රියාවලිය ‘බ්‍රෙක්සිට්’ යනුවෙන් හැඳින්විණි.
මේ මස අවසානයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වන අතර කෙසේ නමුත් ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිත යැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

රාජ්‍ය නායිකාව වන එළිසබෙත් මහ රැජිනගේ නිල සහ චාරිත්‍රානුකූල අවසරය ලැබීමත් සමඟ බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අවස්ථාව ලැබේ. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරවා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ද සම්මත කරගත්තේය.
මීට පෙර අවස්ථා ත්‍රිත්වයකදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීම සඳහා පියවර ගත්ත ද ඒ සියල්ල අසාර්ථක විය.
රැජිනගේ නිල අවසරය ලැබීමත් සමඟ බ්‍රිතාන්‍යයට සිය සමීපතම අසල්වාසීන්ගෙන් සහ වෙළෙඳ සහකරුවන් හා පාර්ශවකරුවන්ගෙන් වෙන්වීමට අවස්ථාව උදාවේ.
යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනකු බ්‍රසල්ස් නුවරදී වෙන්වීමේ ප්‍රඥප්තියට අත්සන් තැබීමට නියමිත අතර ඉදිරි දින කිහිපයේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද ඊට අත්සත් තැබීමට නියමිතය. බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ අතර 2016 වසරේ පැවැති ජනමත විමසුමේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය.
ඒ.එෆ්.පී.
055

2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහ රැජිනගේ අවසරය
මහා රැජින Friday, 24 January 2020 11:05 AM
"...නැහැ නැහැ.. මම අත්සන් කලේ නැහැ. ඔය බොරිස්කාරයා මගේ අත්සන හොරට ගහලා..."
kamani Saturday, 25 January 2020 11:39 AM
හරි සන්තෝෂයි.. එංගලන්තයේ මහා රැජිණත් ලංකාදීප පත්තරය බලලා කමෙන්ට්ස් දමනවා කීවාම... රැජිණට හොඳට සිංහල පුළුවන්නේ.