IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යුරෝපය අස්ථාවර කරන්න එපා: බ්‍රිතාන්‍ය විදේශ ඇමැති

මොස්කව්හිදීය (රොයිටර්)

යුරෝපය අස්ථාවර නොකරන්නැයි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් හමුවෙමින් පවසා තිබේ. 
 
විදේශ අමාත්‍යධුරයට පත්වීමෙන් පසු තම පළමු රුසියානු සංචාරයට එක්වෙමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා ඒ බව පවසා තිබෙන අතර මෙහිදි ක්‍රිමියානු අර්බුදය ඇතුළු දුෂ්කර මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන්ට අවශ්‍ය යැයි ද පවසා ඇත. 
 
බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයකු රුසියාවේ සංචාරය කරන්නේ වසර පහකට පසුය. යුක්රේනය ද සම්බන්ධ ක්‍රිමියානු අර්බුදය සහ සිරියානු සිවිල් යුද්ධය සම්බන්ධයෙන් රුසියාව හා බ්‍රිතාන්‍ය දරන්නේ එකිනෙකට පරස්පර අදහස්ය. එබැවින් පසුගිය කාලයේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තරමක් දුරට පළුදු වී තිබේ. 
 
බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී රුසියානු රජයට සම්බන්ධ පාර්ශව මෙන්ම විපක්ෂ කණ්ඩායම් ඇතුළු පාර්ශව කිහිපයක් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව පැවසේ. 
 
රුසියාව යුරෝපයේ රටවල් රැසක අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට මැදිහත් වන බවටත් සයිබර් ප්‍රහාරවලට සහ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම්වලට සහාය දක්වන බවටත් චෝදනා එල්ල වී තිබේ. කෙසේ නමුත් රුසියාව දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. 
 
බ්‍රිතාන්‍යය හා රුසියාව අතර සබඳතා ඉතාම පහත මට්ටමකට වැටී ඇතැයි ද ඊට හේතුව අපගේ ක්‍රියා නොවන බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයාට පිළිතුරු දෙමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ප්‍රකාශ කර තිබේ. 
 
055
 



අදහස් (0)

යුරෝපය අස්ථාවර කරන්න එපා: බ්‍රිතාන්‍ය විදේශ ඇමැති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2392 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site