IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යේමනයට සෞදි හමුදාවෙන් ගුවන් ප්‍රහාරයක්

නිරිතදිග යේමනයේ තායිස් පළාතේ වෙළෙඳපොළකට සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මියගිය හා තුවාල ලැබූ පිරිස 100 ඉක්මවා ගොස් ඇතැයි එරට බලධාරීහූ පවසති. 
 
 හයිමේ දිස්ත්‍රික්කයේ පිහිටි වෙළෙඳපොළකට ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙන අතර යේමන සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබේ. මියගිය හෝ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යා වෙන වෙනම ප්‍රකාශ කිරීමට තවම හැකියාවක් නැතැයි යේමන බලධාරීහූ කියති.
 
මෙම ගුවන් ප්‍රහාරය එල්ල වූයේ සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ ගුවන් හමුදා එල්ල කරන ලද ප්‍රහාර කිහිපයකින් 30 කට ආසන්න පිරිසක් මියගොස් දිනක් ගත වෙන්නට පෙරය. එම ප්‍රහාර ගොන්නට යේමනයේ අගනුවර වන සානා නුවරට එල්ල කරන ලද ප්‍රහාර ද අයත් යැයි වාර්තා වේ. 
 
සෞදි අරාබිය 2015 වසරේ මාර්තු මාසයේ සිට ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරයි. සෞදි අරාබිය යේමනය තුළ දියත් කර තිබෙන හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් ආසන්න වශයෙන් 13,600කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි පැවසේ. 
 
යේමනයේ ඇති වී තිබෙන සිවිල් යුද්ධය හේතුවෙන් ලොව ඇති වූ දරුණුතම සාගත හා මානුෂීය අවශ්‍යතාව ඇති වී ඇතැයි ද කොලරා සහ ගලපටල වසංගත රෝගය යේමනය තුළ ව්‍යාප්ත වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන අවධාරණය කරයි. 
 
සිවිල් යුද්ධය හේතුවෙන් යේමනයේ මිලියන 17කට ආසන්න ජනතාවක් ආහාර අනාරක්ෂිතතා අවදානමකට මුහුණ දී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. මිලියන 6.8ක ජනතාවකට, එනම් යේමන ජනගහනයෙන් හතරෙන් එකකට ප්‍රමාණවත් ආහාර නොලැබෙන බව එම සංවිධානය තවදුරටත් කියයි.

ප්‍රෙස් ටීවී ඇසුරිනි 

055



අදහස් (0)

යේමනයට සෞදි හමුදාවෙන් ගුවන් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2392 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site