රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත්, එය මහා ව්‍යසනයක් තෙක් දුරදිග යන අර්බුදයක් බවට පත්වේවි යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙසේ කීවේ, යුක්රේනයේ සිටින බ්‍රිතාන්‍ය තානාපති නිලධාරීන්ට වහාම එරටින් පිටවී යන්නැයි උපදෙස් දීමෙන් අනතුරුවය.
රුසියානු හමුදා තවමත් යුක්රේන දේශසීමාවේ රැදී සිටින අතර ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පවසා ඇත්තේ රුසියාව කොයි මොහොතේ හෝ යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගනු ඇති බවය.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයකට යොමු වුවහොත් ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් රුසියාවට එරෙහිව යුද වදිනු ඇති බවත්, බ්‍රිතාන්‍යයේ සහාය ද ඇමෙරිකාවට හිමිවනු ඇති බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැහැදිලි කර තිබේ.
(බීබීසී)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
යුක්රේනය ආක්‍රමණය කිරීම මහ ව්‍යසනයක් වේවි