මාලි රාජ්‍යයේ මධ්‍යම ෆුලානි ගම්මානයකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනකු මියගොස් තිබේ.
වාර්ගික ඩෝගෝන් ගොවීන් සහ එඬේර කණ්ඩායම් අතර දීර්ඝ කාලයක් තිස්සේ ඉඩම් සහ දේපල සම්බන්ධව ගැටුම් පවතින අතර එහි ප්‍රථිපලයක් ලෙස මෙම ප්‍රහාර එල්ල වන්නට ඇතැයි බලධාරීහු පවසති.
ෆුලානි කණ්ඩායම් සහේල්හි සන්නද්ධ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් ඔවුන් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර වැඩිවී ඇති බව සඳහන් වේ.
ප්‍රහාරකයින් ආසන්න ටොංගෝ ගම්මානයේ සිට පැමිණ ඇති අතර ඔවුන් සාම්ප්‍රදායික දඩයම්කරුවන් ලෙස වෙස්වලාගෙන සිටි බව ෆුලානි වැසියෝ පවසති.
මාලි රජයේ හමුදා ගම්මානයට පැමිණෙන විට සොරකම් කළ සතුන් අතහැර දමා ඝාතකයන් පලාගොස් ඇත.
මෙම කණ්ඩායම් අතර ප්‍රචණ්ඩත්වයන් පසුගිය කාලයේ වඩාත් උත්සන්න වු අතර මාර්තු මාසයේදී ඩොගොන් සටන්කාමීන් විසින් ෆුලානි වැසියන් 150කට අධික පිරිසක් ඝාතනය කරන ලදී.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාලි රාජ්‍යයේ ෆුලානි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 20 ක් මරුට