IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මාලි රජ්‍යයේ කාන්තාවන් හා දරුවන් 24 ක් බිම්බෝම්බයකට බිලි

බමාකෝහිදීය (ඒ.එෆ්.පී)
 
මාලි ජනරජයේ මධ්‍යම මාලි හි බිම්බෝම්බයකට හසු වීමෙන් කාන්තාවන් හා කුඩා දරුවන් ඇතුළු 24 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.  
 
මව්වරුන් සහ කුඩා දරුවන් සහිත වාහනයක් බිම්බෝම්බයක් මතින් ගමන් කිරීමත්, සමඟ බිම්බෝම්බය පුපුරා ගොස් තිබේ. එම පිපිරීමෙන් රථයේ සිටි මව්වරුන් සහ බිළිඳන් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම මරණත් සමඟ මාලි හි ක්‍රියාත්මක ජිහාද් සංවිධාන එල්ල කරන ලද ප්‍රහාරවලින් ඉකුත් පැය 24ක් ඇතුළත මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ ගොස් තිබේ. 
 
බිම්බෝම්බය ජිහාද් සටන්කාමීන් විසින් සඟවන ලද්දක් බව වාර්තා විය. බිම්බෝම්බය සඟවා තිබී ඇත්තේ මාලි අගනුවර සිට කිලෝමීටර් 9ක් දුරින් පිහිටි මාර්ගයකය. ජිහාද් සටන්වාදීන් සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ බියවැද්දීමට ජනාකීර්ණ ප්‍රදේශවල, මහාමාර්ග බිම්බෝම්බ සඟවන බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි. 
 
වසර 2012 දී අල්කයිඩා සංවිධානයට අයත් ඉස්ලාමීය අන්තවාදීන් විසින් මාලි අගනුවර උතුරු කොටස අල්ලා ගත් අතර 2013 වසරේදී ප්‍රංශ හමුදාවල සහයෝගයෙන් දියත් කළ මෙහෙයුමෙන් අන්තවාදීන් පන්නා දැමීමට මාලි හමුදා සමත්විය. මාලි රජය 2015 වසරේදී සන්නද්ධ කණ්ඩායම් සමඟ සාම ගිවිසුමකට අත්සන් තැබුවද සන්නද්ධ කැරැලිකාර කණ්ඩායම් තවමත් ක්‍රියාත්මකය. රටේ විශාල කොටසක් තවමත් නෛතික පාලනයකින් තොරය.
 
055



අදහස් (0)

මාලි රජ්‍යයේ කාන්තාවන් හා දරුවන් 24 ක් බිම්බෝම්බයකට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site