මාලදිවයිනේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදයට මැදිහත් වීමට ඉන්දියාවට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැතැයි චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇතැයි ‘මෝල්ඩිව්ස් ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පත වාර්තා කරයි.
චීනයේ රාජ්‍ය මාධ්‍ය ඒ බව වාර්තා කර ඇත්තේ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තරයෙන් සහාය ඉල්ලීමත් සමඟය.
මාලදිවයිනේ වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඔහු බලයෙන් ඉවත් කිරීමටත් රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමටත් සහාය වන්නැයි එරට හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය.
මාලදිවයින පිහිටා ඇත්තේ ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ග සමීපයේය. ලොව ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් බහුතරයක් ගමන් කරනුයේ මාලදිවයිනට ඔබ්බෙන් පිහිටි ජාත්‍යන්තර මුහුදේය.
ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලනය යටතේ මාලදිවයින චීනය සමඟ සමීප සබඳතා පවත්වන අතර ඉන්දියාව සමඟ පැවති සබඳතා පළුදු වී තිබේ.
මාලදිවයින චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද අත්සන් තබා තිබෙන අතර මාලදිවයින චීනයෙන් ඩොලර් මිලියන ගණනින් ණය ආධාර ලබාගනි.
එමෙන්ම චීනය මාලදිවයිනේ ඉඩම් අල්ලා ගන්නා බවට ද හිටපු ජනාධිපතිවරයා චෝදනා කරයි.
055
2025 නොවැම්බර් මස 04
734
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාලදිවයිනේ අර්බුදයට මැදිහත්වෙන්න ඉන්දියාවට අයිතියක් නෑ - චීනය
rocky Friday, 09 February 2018 12:54 PM
මොකෝ චීනා ඉන්දියාවට ජාතිය දාන්නද හදන්නේ? නෂීඩ්ට උදව් කිරීමෙන් චීනාට අවාසි වෙන හින්දනේ... නශීද්ට උදව් කිරීම නිවැරදියි කියලයි මාත් හිතන්නේ. ඇත්ත වශයෙන්ම ලෝක බලවතුන්ගේ සහාය ඔහුට ලැබීම සුදුසුයි කියලා හිතෙනවා!