ලන්ඩන්හිදීය (රොයිටර්)
සෞදි අරාබිය මාධ්‍යවේදී ජමාල් කශෝජිට සිදුවූයේ කුමක්දැයි විශ්වාසනීය පැහැදිලි කිරීමක් කළ යුතු යැයි බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අද (21) සඳහන් කළේය.
සති දෙකක් මුළුල්ලේ ජමාල් කශෝජිගේ මරණයට කිසිදු සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කළ සෞදි අරාබිය සෙනසුරාදා (20) තුර්කියේ සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ සිදු වූ ගැටුමකින් කශෝජි මරණයට පත්වූ බව ප්‍රකාශ කළේය.
මාධ්‍යවේදී ජමාල් මරණයට පත්වූ බෙල්ල හිර කිරීමෙන් යැයි එම ප්‍රකාශයෙන් පැයකට පසු සෞදි නිලධාරියෙක් පැවැසීය.
“කිසිදු ආකාරයකින් මෙම ඝාතනය සාධාරණීයකරණය කරන්න බැහැ. අපි හැකි සෑම අයුරකින්ම මෙය හෙළා දකිනවා” යැයි එම රටවල් තුන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
“ඇත්තටම සිදුවූයේ කුමක් ද පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතුව තිබෙනවා. එය කඩිනමින් කළ යුතු අතර එය විශ්වාසනීය විය යුතුයි. සෞදිය විමර්ශන කරමින් කල්පිතයක් නිර්මාණය කර තිබෙනවා. එය කිසිසේත් පිළිගන්න බැහැ. ඒ නිසා කරුණු සාක්ෂි සහිතව විශ්වාසනීය පැහැදිලි කිරීමක් කළ යුතුයි” යැයි එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන්ව ඇත.
මෙම ඝාතනයට වගකිව යුත්තන්ට එරෙහිව කඩිනමින් නිසි පියවර ගත යුතු බව ද එම රටවල් අවධාරණය කර ඇත.
055
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාධ්‍යවේදී ජමාල් ගැන රටවල් තුනකින් නිවේදනයක්