IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘මාධ්‍යවේදී කෂොක්ජිගේ ඝාතනය සාහසික ක්‍රියාවක්‘‘ - සල්මාන් කුමරු

මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ සිදුවීම “වේදනාකාරී” බවත් “යුක්තිය” ඉටු වනු ඇති බවත් සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු අද (24) ප්‍රකාශ කළේය.

ජමාල් කෂොක්ජි ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔටුන්න හිමි කුමරුට චෝදනා එල්ල වී තිබෙන අතර ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ඝාතකයන්ට අණදුන් හෝ එම සිදුවීම පිළිබඳව දැන සිටි බවට ද ඇතැම් පිරිස් චෝදනා කරති. ඔහු ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව සිටී.

එම සිදුවීම් දාමයෙන් පසු පළමු වරට ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් සල්මාන් කුමරු ඒ බව සඳහන් කළේය. ඔහු එම කරුණු සඳහන් කළේ සෞදි අරාබියේ පැවැත්වෙන ‘ඩාවෝස් ඉන් ද ඩෙසර්ට්’ ආයෝජන සමුළුවට සහභාගී වෙමිනි. 

මාධ්‍යවේදී කෂොක්ජි ඝාතනය කිරීම “සාහසික ක්‍රියාවක් බවත් එය කිසිදු අයුරකින් සාධාරණීකරණය කළ නොහැකි” යැයි ද ආයෝජන සමුළුවේදී අදහස් දක්වමින් සල්මාන් කුමරු පැවැසීය.

වැරැදිකරුවන්ට දඬුවම් කරන බව කී සල්මාන් කුමරු විමර්ශන කඩිනමින් අවසන් කර ප්‍රතිඵලයක් ලබාගැනීම වෙනුවෙන් සෞදි අරාබිය සහ තුර්කිය එක්ව කටයුතු කරන බව ද කීවේය.

ජමාල් කෂොක්ජිගේ ඝාතනය නිසා සෞදි අරාබිය සහ තුර්කිය අතර සබඳතාවලට හානියක් නොවන බව කී ඔටුන්න හිමි සල්මාන් කුමරු සත්‍ය අනාවරණය කරගැනීම සඳහා සෞදි අරාබිය සහ තුර්කිය සහයෝගයෙන් කටයුතු කරන බව ද කීය. 

අල්ජසීරා

055

 



අදහස් (6)

‘මාධ්‍යවේදී කෂොක්ජිගේ ඝාතනය සාහසික ක්‍රියාවක්‘‘ - සල්මාන් කුමරු

රවින් Thursday, 25 October 2018 02:15 AM

කිඹුල් කඳුළු.

:       0       26

dasa Thursday, 25 October 2018 03:27 AM

එසේ නම් රජුගෙන් පසුව වරදාන වරප්‍රසාද ලබාගැනීමේ අරමුණෙන් රජුට නොදන්වා මෙම නිලධාරීන් පිරිස ඝාතනය සිදුකරන්නට ඇති. වැඩේ හිරිගියානම් වරදාන වරප්‍රසාද. වැරදුනොත් වරද තොපි බාරගනිව්. අපේ රටෙත් මෙවැනි වැඩ කිරීමට නිලධාරි සුළු පිරිසක් ඉන්නබව මතක තියාගන්න.

:       1       12

ධනුෂ්ක Thursday, 25 October 2018 05:01 AM

අපේ රටෙත් මෙහෙම යුගයක් තිබුණා. මේ ඝාතනය නිසා සෞදිය ලෝකය ඉදිරියේ දැඩි අපකීර්තියකට ලක් වුනා. හැබැයි තෙලේ බලේ පාවිච්චි කරලා මේකෙන් ගැලවෙයි. දැනුයි තේරෙන්නේ පාලකයන් මැදිහත් වෙලා අවනීතිකව ඝාතනයන් සිදු කරද්දි රට කොතරම් ලෝකය හමුවේ අපකීර්තිමත් වෙනවද කියලා. අපි දැන් සෞදිය පිළිබඳව සිතන විදියට ලෝකයේ මිනිස්සු එ් කාලේ ලංකාව ගැනත් හිතන්න අැති.

:       2       67

Samathasena A . Aluthgamage.Thursday, 25 October 2018 06:19 AM

ධනුෂ්ක මහතා,ඔබතුමා කී දේ හරියටම හරි.

:       4       33

AsankaThursday, 25 October 2018 08:29 AM

ඉතා පැහැදිලියි , ඔබේ නිගමනය හරියට හරි , මම ඉන්නේ වෙන රටක , ලංකාවේ මෙවැනි දෙයක් වෙනකොට ඕන තරම් විදෙස් මාධ්‍ය වල එය පලවෙනවා. ලංකාව තුළ ඉන්න අය මොනවා සාධාරණිකරණය කලත් , අපි මිලේච්ච රටක් ලෙස හංවඩු ගැහෙනවා.

:       1       7

OMG Thursday, 25 October 2018 05:46 AM

අතේ ලේ . වැඩේ කරලා බොරු කියනවා.

:       10       75

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site