මැඞ්රිඞ්හිදීය (ඒ.එෆ්.පී)
මධ්‍යධරණී මුහුදේ පාවෙමින් තිබියදී මළ සිරුරු 20කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගැනීමට මොරොක්කෝ මුදා ගැනීමේ සේවා කටයුතු කර කළ බව ස්පාඤ්ඤ බලධාරියෙක් අද (5) පැවසීය.
මෙලෙස ගොඩගෙන ඇත්තේ උප සහරා අප්‍රිකා රටක සිට යුරෝපය කරා ගමන් කළ සංක්‍රමණිකයන් පිරිසකගේ මළසිරුරය. ස්පාඤ්ඤයට අයත් නෞකාවක් මෙමම මළ සිරුරු දැක තිබෙන අතර එම නෞකාවේ කාර්ය මණ්ඩලය ස්පාඤ්ඤ සහ මොරොක්කෝව යන රටවල් දෙකේ වෙරළාරක්ෂක සහ මුදා ගැනීමේ සේවා ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ.
මධ්‍යධරණී මුහුදේ මොරොක්කෝවට අයත් මුහුදු සීමාවේදී මෙම මළසිරුරු ගොඩගෙන ඇති අතර මළසිරුරු 20කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවට වාර්තා වේ. කෙසේ වෙතත් මොරොක්කෝ රජය මළ සිරුරු කොතරම් සංඛ්‍යාවක් ගොඩගත්තේ ද යන්න නිශ්චිතව නිවේදනය කර නොතිබිණි.
මධ්‍යධරණී මුහුද ඔස්සේ සංක්‍රමණිකයන් වැඩි වශයෙන් ඇතුළුවන්නේ ඉතාලියට යැයි ද දෙවැනුව ස්පාඤ්ඤයට යැයි ද සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි. එම සංවිධානයේ වාර්තාවලට අනුව මේ වසරේදී පමණක් මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියට පැමිණ ඇති සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 4,256කි. ස්පාඤ්ඤයට පැමිණ ඇති සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 1,279කි.
මේ සති අන්තයේ දී වාර්තා වූ මරණ නොමැතිව මේ වසරේදී මධ්‍යධරණී මුහුද තරණය කිරීමට ගොස් අතුරුන් වූ හෝ ජීවිතක්ෂයට පත් වූ පිරිසගේ සංඛ්‍යාව 243ක් යැයි ද එම සංවිධානය තවදුරටත් සඳහන් කරයි.
055
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මධ්‍යධරණී මුහුදෙන් මළ සිරුරු 20ක් ගොඩගනී