
චීනයට පෙර, දකුණු චීන මුහුදට වැටුණු, ඇමෙරිකන් ප්‍රහාරක යානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කළ බව ඇමෙරිකාව කියයි.
දකුණු චීන මුහුදට වැටුණේ ඇමෙරිකන් නාවික හමුදාවට අයත්, අති නවීන තාක්ෂනයෙන් නිපදවා ඇති ‘එෆ්.35සී’ වර්ගයේ ප්‍රහාරක යානයකි. මෙවැනි යානයක වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 100 කි.
චීනය මෙම සිදුවීම ගැන දැනගත් සැණින්, ‘එෆ්.35සී’ යානය සොයා ගැනීමටත්, එහි රහස් අනාවරණය කර ගැනීමටත් උත්සාහ දරමින් සිටින බව ඇමෙරිකානු නාවික හමුදාව පවසයි. යානය සොයා චීනයට කලින් ඇමෙරිකාව මෛහයුම් ආරම්භ කර ඇත්තේ මේ නිසාය.
‘එෆ්.35සී’ යානය යානය, ඇමෙරිකන් නාවික හමුදාවට අයත්, ප්‍රහාරක යානා රැගෙන යාත්‍රා කරන යූ.එස්.එස්. කර්නල් වින්සන් නෞකාවට අයත් එකකි. යානය නෞකාවේ සිට පියාසර කිරීමට සූදානම් වෙද්දී එය අනතුරට පත්වුණු බවත්, මුහුදට වැටුණු බවත් පැවැසෙයි.
යානයේ නියමුවා අනතුරින් දිවි ගලවා ගත් නමුත් යානය මුහුදේ ගිලුණි. යානය එසේ අනතුරට ලක් වී මුහුදට වැටෙද්දී, නෞකාවේ සිටි නාවික හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයෝ 7 දෙනෙක් තුවාල ලැබූහ.
දකුණු චීන මුහුද යනු චීන සිය ආධිපත්‍ය පතුරුවා ගත් මුහුදු කලාපයකි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මූදට වැටුණු යානය අත්පත් කරගන්න තරගයක්
ravin Friday, 28 January 2022 04:48 PM
හා චණ්ඩිපාට් දාන්න ගිහිල්ලා නේද? වැඩි පාඩුවකුත් නැහැ... මිලියන 100යි නේද?
sampath Saturday, 29 January 2022 11:07 PM
මේ තරම් ලෝකයේ මිනිස්සු බඩගින්නේ ඉන්නවා... මූලික අවශ්‍යතා ඉටුකර ගන්න බැරිව ඉන්නවා. යුද යානා හදනවා මිලියන 100... මෙහෙම ලෝකයට ඉරහඳ පායනවා කියන එකත් පුදුමයක්...