IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


'මෙත්' කිලෝ 275 ක් වික්ටෝරියා ප්‍රාන්තයෙන්

මෙතම්ෆැටමින් කෘතීම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 275 ක් මෙල්බර්න් නැව් සේවා බහාලුමක තිබී ඕස්ට්‍රේලියා පොලීසිය විසින් සොයාගෙන ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 206 ක් පමණ බවත් මෙම මත්ද්‍රව්‍ය තොගය කන්ටේනරය පත්ලේ ලෑලි ආවරණයක් තුළ සඟවා තිබිය දී සොයාගෙන ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධව ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය විසින් වයස අවුරුදු 24 ත් 32 ත් අතර මැලේසියා ජාතිකයෙක් හා ඕස්ට්‍රේලියා ජාතිකයන් හත් දෙනෙකුට විරුද්ධව චොදනා ගොනුකර ඇත.

චීන ඔත්තුසේවාවේ ද සහයෝගය ඇතිව ඕස්ට්‍රේලියා පොලිසිය මෙම වැටලීම කර ඇත්තේ මාස පහක පමණ කාලයක සිට කරන ලද සූක්ෂම මෙහෙයුමකින් පසුවය. වික්ටෝරියා ප්‍රාන්තයේ කරන ලද විශාලතම වැටලීම මෙය බව එරට නිල තොරතුරු කියයි.

මත් ද්‍රව්‍ය හේතුවෙන් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවල වර්ධනයක් ඇතිවන බවත් අපරාධ වැඩි වන බවත්, පවුල් ආරවුල් වැඩි වන බවත් වික්ටෝරියා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ෆොන්ටානා කියයි.

පොලිස් වාර්තාවල මෙතම්ෆැටමින් භාවිතය 2007 වසරේ සිට මේ දක්වා දෙගුණයක් වී ඇති බවත් එය 2013 වන විට ලක්ෂ 2 කට වඩා වැඩි පිරිසක් පාවිච්චි කර ඇති බවත් සඳහන් වේ. මෙතම්ෆැටමින් ‘මෙත්‘ යන කෙටි නාමයෙන් හඳුන්වන අතර අයිස්, ස්පීඩ්, චල්ක්, ක්‍රිස්ටල්, ග්ලාස්, ක්‍රාරන්ක්, යාබා යන නම් වලින්ද හඳුන්වයි.

_89244747_meth meth-defined-pg1



අදහස් (0)

'මෙත්' කිලෝ 275 ක් වික්ටෝරියා ප්‍රාන්තයෙන්

ඇසළ Thursday, 07 July 2016 05:06 AM

ඒ රටේ නායකයා පොලිසිය අල්ලපු ඕක බලන්න අාවේ නැද්ද. (බ)

:       0       0

සෑම් Thursday, 07 July 2016 07:33 AM

ඇසළ, මත්කුඩු නැවක් ඇල්ලුවත් එයා මේ දවස් වල බලන්න එන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 587 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2280 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1707 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site