ඕස්ට්‍රේලියාවේ සිඩිනි නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ගමන් කරමින් තිබූ මගීන් 224ක් රැගත් ගුවන් යානයක තාක්ෂණික දෝශයක් නිසා සිදුවූ දෙදරීමක් හේතුවෙන් යානය ආපසු ඕස්ට්‍රේලියාව වෙත හරවා යැවීමට සිදුවී ඇත.
මැලේසියානු ගුවන් සමාගමට අයත් එම්එච්122 යානය ඕස්ට්‍රේලියාවේ වයඹ දිග බ්රූමේ වලට ඉහල අහසේදී මෙලෙස නැවත හැරවීමට සිදුව තිබේ.
යානයේ වම්පස එන්ජිමෙන් විශාල ශබ්දයක් පිටවුනු බවත් ඒ සමගම අනතුරු ඇඟවීමේ නලා නාද වූ බවත් පැවසේ.
මගීන් බොහෝදෙනකු බියට පත්ව සිටි නමුත් කලබල නොකර සන්සුන්ව පසුවූ බව ගුවන් නියමුවා පවසා ඇත. පසුව යානය නිරුපද්‍රිතව ඕස්ට්‍රේලියාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ඇති ඇලිස් ස්ප්‍රිංස් ගුවන්තොටුපල වෙත ගොඩබස්වා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මගීන් 224ක් රැගත් යානය දෝශයක් නිසා නැවත හරවා යවයි