IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මෙක්සිකෝවේ සමූහ මිනී වළකින් මිනිස් හිස්කබල් 166ක්

 

 

 

මෙක්සිකෝවේ නැගෙනහිර වැරකෲස් ප්‍රාන්තයේ සමූහ මිනී වළකින් මිනිස් හිස්කබල් 166ක් හමුවී තිබේ.

 

බලධාරීන් පවසන්නේ මේවා වසර දෙකක් තරම් පැරණි ඒවා බවයි. හැඳුනුම්පත් 144ක් පමණ ද මෙම ස්ථානයේ තිබී සොයාගෙන ඇත. 

 

අස්ථි කොටස් හමුවූ ස්ථානය ආරක්ෂක හේතූන් මත ඇතුළු වීමට ඉඩ නොදුන් ප්‍රදේශයක් බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙම ප්‍රදේශය දිගු කාලයක් තිස්සේ මිනී වළ දැමීම සඳහා යොදා ගෙන ඇති බවත් ඔවුහු තවදුරටත් පවසති. 

 

ආසන්න ස්ථානයක තිබී  2017 වර්ෂයේදී හිස්කබල් 250ක් හමුවිය. 2006 වර්ෂයේ සිට මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගිය අතර ඒ හේතුවෙන් මේ වන විට 200,000ක පමණ පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වී ඇත.

 

37000ක පමණ පිරිසක් අතුරුදන්ව ඇති අතර ගිය වසරේ පමණක් වාර්තාගත ලෙස 28,702ක් මියගොස් ඇතැයි පැවසේ.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

මෙක්සිකෝවේ සමූහ මිනී වළකින් මිනිස් හිස්කබල් 166ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site