බොලීවියාවේ මාස කිහිපයක සිට පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රාන්ත තුනක පාසල් වාර්ෂික නිවාඩුවට සති දෙකකට පෙර වැසීමට සිදුවූ බව වාර්තා වෙයි. නගරයෙන් ලැබෙන ජල සැපයුම නොමැතිව සති තුනක් පාසල් පැවැත් වූ බව පාසැල් අධ්‍යක්ෂකවරයා පවසයි.
ලා පාස් නගරයට ජලය සපයන ප්‍රධාන ජලාශ තුනම සිඳී ගොස් ඇති අතර නගර වැසියන්ට දින තුනකට වරක් ජලය සලාක ක්‍රමයට නිකුත් කෙරේ. එම ජල ප්‍රමාණය පානය කිරීමට පමණත් ප්‍රමාණවත් බව වැසියෝ පවසති.
නියඟයෙන් 125,000ක පමණ පිරිසක් පීඩාවට පත් වී ඇත. ජනාධිපති ඉවෝ මොරාලේස් විසින් රටපුරා හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.
පවතින අවදානම් තත්ත්වයට විසඳුම් සෙවීමට ජල කැබිනට්ටුවක් ද පත්කර ඇති අතර විදේශ සමාගම් වලට ජල ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බව ද වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොලිවීයාවේ දැඩි නියඟයක්