ව්‍යාජ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධව චෝදනා ලැබූ බ්‍රසීල ජනපතිනී ඩිල්මා රූසෙෆ් ජනපති තනතුරින් ඉවත් කිරීමට බ්‍රසීල සෙනේට් සභාව තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇයට එරෙහිව ඉදිරිපත් වූ දෝශාභියෝගයට සෙනේට් සභිකයන් 61දෙනකු පක්ෂව ඡන්දය දී ඇති අතර 20දෙනකු විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.
මේ තීරණයත් සමඟ බ්‍රසීලයේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස වසර 13ක් සේවය කළ ඇයගේ සේවා කාලය නිමාවට පත්වෙයි. ඇයට එරෙහිව ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන ඩිල්මා මෙය විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණයක් බව පවසා ඇත.
බ්‍රසීලයේ නව ජනපති ලෙස උප ජනාධිපතිව සිටි මිචෙල් ටෙමර් දිව්රුම් දීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
620
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1718
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීල ජනපතිනියට තනතුර අහිමි වෙයි
සෙනරත් Thursday, 01 September 2016 10:46 AM
අපේ රටේ නම් ඕනෙම කුණුගොඩක් අය වැයට දාලා සම්මත කරගන්නවා. එකට විරුද්ධව මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණ කලාම ටිකක් වෙනස් කරලා කියනවාෙ"අපි ජනමතයට ගරුකරනව" කියලා. මේ විදියට බැලුවොත් අපේ මුළු පාර්ලිමේන්තුවම ගෙදර යවන්න ඕනේ. (හේ)
විද්‍යා Thursday, 01 September 2016 05:27 AM
වැරදි කළොත් දඬුවම් විඳින්න වෙනවාමයි. අපේ රටේ අයටත් මේවා හොඳ පාඩම් (නි)
ඉසුරන්දි Thursday, 01 September 2016 05:47 AM
ඒ රටවල් එහෙම තීරණ ගත්තට මෙහෙ එහෙම වෙන්නේ නැහැ.ඒ නිසා ඕවා කරන්න බය නැහැ අපේ උදවිය. (නි)
ඇසළ Thursday, 01 September 2016 05:56 AM
අපේ රටේ කරන්නේ ගියපාර වගේ අයවැය යෝජනා වැරදි නම් අලුත් ගැසට් එකකින් ආයෙත් අලුත් යෝජනා ඉදිරිපත් කරන එකනේ. එහෙම නැත්නම් තවත් අයවැය යෝජනාවක් ගෙනෙන එක. එතකොට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් අවශ්‍ය නැහැනේ. (නි)
දම්මි Thursday, 01 September 2016 07:04 AM
ලංකාවෙත් මෙහෙම වෙනවා නම් කොච්චර හොඳද? (නි)
අනුරාධ Friday, 02 September 2016 06:57 AM
බ්‍රසීලේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ බ්‍රසීලේ ජනපතිනිය ලංකාවට අවේ නැති එකේ වැරැද්ද. ආව නම් ඉගෙනගන්න තිබුන මොන චෝදනා ආවත් බලයේ ඉන්න හැටි (බ)