බ්‍රසීලයේ මිනාස් ජෙරයිස් පළාතේ ඇතිවූ දරුණු ගංවතුර හා නායයෑම් හේතුවෙන් 30 දෙනකු පමණ මියගොස් 17දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
පසුගිය සිකුරාදා සිට ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බව කාලගුණ අංශ පවසයි.
2500 කට අධික පිරිසක් අවතැන් වී ඇති බවත් නිවාස ගණනාවක් මඩ සහිත පස් කඳු වලට යටවී ඇති බවත් ආපදා සහන සේවා කණ්ඩායම් වාර්තා කර තිබේ.
මිනාස් ජෙරයිස්හි බෙලෝ හොරිසනේට් ප්‍රදේශයට පැය 24 ක් ඇතුළත සෙන්ටිමීටර් 17 ක පමණ වර්ෂාවක් ලැබී ඇත. එය අවුරුදු 110 ක පමණ ඉතිහාසයේ ඇද හැළුණු දැවැන්තම වර්ෂාව බව මාධ්‍ය සඳහන් කරයි.
අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය බ්‍රසීලයේ නාගරික බල ප්‍රදේශ 40 කට බලපෑම් කර තිබේ.
බ්‍රසීලයේ බර්මාඩින්හෝ නගරය ආසන්නයේ වේල්ලක් කැඩී යෑමෙන් 270 දෙනකු මියගොස් වසරකට පසු මෙම නායයෑම් ඇතිවිය.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීලයේ ගංවතුරින් 30 ක් මරුට