IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බොජුන්හල් දෙකකට චීනයේ විරෝධය

චීනයේ මැක්ඩොනල්ස් සහ කේ.එෆ්.සි.බොජුන්හල් ව්‍යාපාරයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. එම ආයතන ඇමෙරිකා  ආක්‍රමණයක සංකේතයක් බව විරෝධතාකරවෝ පවසති. චීනයෙන් පිටවනු යැයි කියමින් එම බොජුන්හල් ඉදිරිපිට විරෝධතාකරුවෝ තම විරෝධය පළකරති.

එරට මාධ්‍ය මගින් එම ක්‍රියාව අන්ධ දේශානුරාගයක් ලෙස ද එම ක්‍රියාව තම ජාතියට කරන අලාභයක් අනර්ථයක් ලෙසද අර්ථකථනය කොට තිබේ. චීනයේ මැක්ඩොනල්ස් ශාඛා 4000ක් පමණ පිහිටා තිබේ.

එමෙන්ම ජාත්‍යන්තර පාලනයක් විසින් චීනයේ දේශසීමා හිමිකම් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්ද විරෝධතාකරුවෝ තම විරෝධය පළ කරති.එම ජාත්‍යන්තරය අධිකරණ පාලනය ගෙන ආවේ ඇමෙරිකා  සහය සහිතව පිලිපීනය විසිනි. දින කිහිපයක සිට චීනයේ ප්‍රදේශ කිහිපයක් පුරා එම විරෝධතා පැවැත්විණි. එම සටන්පාට අතරේ ඇමෙරිකා  විරෝධී සටන්පාට බහුලව දක්නට ලැබිණි.

දේශප්‍රේමය විදහා දැක්විය යුතු ආකාරය මෙය නොවන බවත් එවන් විරෝධතා සංවිධානය කරන ඇත්තන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතු බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කරයි. චීනයේ බලධාරීන්ගේ අවසරය නොමැතිව විරෝධතා පැවැත්වීම තහනම් කටයුත්තකි. ජාත්‍යන්තර අධිකරණයක් නිසා කේ,එෆ්,සි සහ මැක්ඩොනල්ස් ආයතන කුමක් කරන්නදැයි එරට මාධ්‍ය විරෝධතාකරුවන්ගෙන් අසයි.



අදහස් (0)

බොජුන්හල් දෙකකට චීනයේ විරෝධය

අමිල Thursday, 21 July 2016 04:33 PM

හොඳ වැඩක්. නියම රටක්! (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 22 July 2016 10:48 AM

ඇමෙරිකානු ආක්‍රමණ කෙසේ වෙතත් මේ බොජුන්හල් වල සිද්ධ වෙන්නෙම ප්‍රෝඩාවල්. ගෙවන මුදලට කිසිම සාධාරණයක් නෑ. මිනිස්සුන්ව හුරගෙන කනවා. ලොකුවට නම් තිබුනට ඒ ආහාරවල කිසිම ගුණාත්මක බවක් නෑ. ඇති රහකුත් නෑ. සංකර සමාජය තම තත්වය පෙන්නන්න මේවට ගියාට ලැබෙන ප්‍රතිලාබයක් නෑ. බඩ පිරෙන්න කන්න දහස් ගානක් වියදම් කරන්න ඕනේ. ඒ මුදලට වෙන තැනකින් 5 දෙනෙකුට කන්න පුළුවන්. (ර)

:       0       0

අනුරාධ Saturday, 23 July 2016 07:47 PM

නුවරඑළියේ වසන්ත, මාත් ඔබගේ අදහසට එකඟ වෙනවා. ගෙවන මුදලට කිසිම අගයක් නැහැ. ඒ වගේම අපේ ගොඩාක් පොඩි දරුවන් වගේම සමහර වැඩිහිටි අයත් මේ කෑම වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. අපේ මිනිස්සු ගොඩක් අය කන කෑම සහ රටාව වරද්දාගෙන ඉන්නේ කියලා මට හිතෙනවා. (නි)

:       0       0

විජිත් Thursday, 21 July 2016 11:56 AM

දැන් දිගටම උද්ඝෝෂණ ව්‍යාපාරය ගෙන යයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 597 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2302 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site