IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පාසලක් නොදුටු දරුවන් වෙනුවෙන් මුදල් සොයන්න සමුළුවක්

දකාර්හිදීය (ඒ.එෆ්.පී)
 
ලොව පුරා පාසල් නොයන දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මුදල් උපයාගැනීමේ අරමුණින් සමුළුවක් සෙනගාලයේදී අද (2) ආරම්භ විය.අධ්‍යාපනය සඳහා වන ගෝලීය හවුල්කාරීත්වය සංවිධානය මෙම සමුළුව සංවිධානය කරන ලදි. 
 
සෙනගාල ජනාධිපති මැකී සැල් සමඟ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සමුළුවේ සම සත්කාරකත්වය හොබවති. ලෝ ප්‍රකට ගායිකා රිහාන් සමුළුවේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන්නීය. 
 
 
සංවර්ධනය වෙමින් තිබෙන රටවල සහ වෙනත් කටයුතු සඳහා ප්‍රංශ රජය සිය අයවැයෙන් කොටසක් ආධාර මුදල් ලෙස වෙන් කරයි. ඉන් සියයට 2.5ක් වෙන් කරන්නේ අධ්‍යාපනයය වෙනුවෙන් යැයි ප්‍රංශයේ සංවර්ධනය ආයතනය සඳහන් කරයි. 
 
දකාර්හි පැවත්වෙන සමුළුවට විවිධ රටවල්, පෞද්ගලික සමාගම් ඇතුළු පාර්ශව රැසක් සහභාගී වී තිබෙන අතර ඉදිරි වසර තුනක කාලයේදී ලොවපුරා සිටින දරුවන් මිලියන 870කගේ අධ්‍යාපනය වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 3.1ක් උපයාගැනීමට බලාපොරොත්තු වේ. 
 
 
දරිද්‍රතාව, යුද ගැටුම් හා සිවිල් යුද්ධ, සමාජ බාධක, දැරිවියන්ට අධ්‍යාපනය සීමා කිරීම යනා දි විවිධ කරුණු හේතුවෙන් පාසල් වයසේ පසුවන් දරුවන් සහ තරුණයන් මිලියන 264කට ආසන්න සංඛ්‍යාවකට අධ්‍යාපනය නොලැබෙන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරයි. 
 
055



අදහස් (1)

පාසලක් නොදුටු දරුවන් වෙනුවෙන් මුදල් සොයන්න සමුළුවක්

himaya Saturday, 03 February 2018 06:20 AM

හොඳ වැඩක්... අහන්නත් සතුටුයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site