IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පොලිසිය කළුජාතිකයා මරණ හැටි පෙම්වතිය වීඩියෝ කරලා

ඇමෙරිකාවේ මිනසෝටා පොලිසිය   එරට කළු ජාතිකයෙකු ඝාතනය කිරීම ඔහුගේ පෙම්වතිය විසින් සජීවී ලෙස අන්තර්ජාලයට එක් කළ පුවතක් එරට මාධ්‍ය වාර්තා කළේය.

පිලන්ඩෝ කැස්ටයිල් නම් එම පුද්ගලයා ඝාතනයට ලක්ව ඇත්තේ පොලිසියේ ඉල්ලීම පරිදි තම රියදුරු බලපත්‍රය ලබාදීමට ක්‍රියා කරන අතරතුරදී බව වාර්තා වෙයි. ලේ තැවරී සිටින කැස්ටයිල් මෙන්ම ඔහු වෙත තුවක්කුව දික් කරගෙන සිටින පොලිස් නිලධාරියෙකු එම වීඩියෝ පටයේ දැක්වෙන අතර ඔහුගේ පෙම්වතියටද තුවක්කුව එල්ල කරමින් සිටි බව එහි දැක්වේ.

ඔහුට වෙඩි උණ්ඩ හතරක් එල්ල වූ බව පෙම්වතිය පවසයි.

 ඔවුන් ගමන් ගත් කාරයේ පිටුපස විදුලි ලාම්පු කැඩී තිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඔවුන්ව නවත්වා තිබේ.ඔහු සතුව තුවක්කුවක් තිබී ඇති අතර තමා සතුව ඇත්තේ ලියාපදිංචි කරන ලද තුවක්කුවක් බව කැස්ටයිල් විසින් එම නිලධාරියාට ප්‍රකාශ කර තිබේ.ඉන් අනතුරුව එම වෙඩි තැබීම සිදුවී තිබෙන බව ඔහුගේ පෙම්වතිය සදහන් කරයි.

රටේ  ඇෆ්රිකා -ඇමෙරිකා  ජාතිකයන්ට විරුද්ධව නිහඩ යුද්ධයක් පවතින බව ඔහුගේ මව ප්‍රකාශ කර තිබේ. ඊට දින දෙකකට පෙර ලුසියානා හිදී තවත් කළු ජාතිකයෙකු ඝාතනය කර තිබුනේද පොලීසිය විසිනි. ඊට විරෝධය දක්වමින් විරෝධතා ව්‍යාපාරයක් ද ආරම්භ වී තිබෙන අතරතුර මෙම ඝාතනය සිදු විය. මේ වන විට කැස්ටයිල්ගේ ඝාතනය සම්බන්ධයෙන්ද විරෝධතා ව්‍යපාර දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව එරට බලධාරීහු ප්‍රකාශ කරති.



අදහස් (0)

පොලිසිය කළුජාතිකයා මරණ හැටි පෙම්වතිය වීඩියෝ කරලා

නලීන් Sunday, 10 July 2016 02:06 AM

ඔවුන්ගේ තුවක්කු ඔවුන්ටම පත්තු වෙනවා (නි)

:       0       0

චානක - ලොස්ඇන්ජලිස් Saturday, 09 July 2016 05:00 AM

සරත් දන්නා දෙයක් කතා කරන්න. ඔබ වරක් හෝ ඇමෙරිකාවට ගිහින් තිබෙනවද.? ඇමරිකාවේ නීතිය හැමෝටම සාමාන්‍යයි. හැබැයි කලු ජාතිකයන් අපරාධ කරනවා වැඩියි. ඒ නිසා ඔවුන් පොලිසිය සමග ගැටුම් ඇති කරගන්නවා. මම අත්දැකීමෙන් කියන්නේ. (ර)

:       0       0

පිරිස් Saturday, 09 July 2016 06:18 AM

ඇමරිකාව ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ... (ර)

:       0       0

පියුමිකා Friday, 08 July 2016 10:49 AM

සෙනරත් මහත්තයෝ, හිටපු සමහර ලොකු තැන් වල අයට ඔය රටේ පුරවැසිභාවය තිබුණා කියල අමතකද දන්නේ නැහැ (නි)

:       0       0

සෙනරත් Thursday, 07 July 2016 06:31 PM

අපේ රටේ ඇතැමුන්ගේ නමස්කාරයට ලක්ව තිබෙන රටක තත්ත්වය මෙසේද? (නි)

:       0       0

සරත් Thursday, 07 July 2016 08:27 PM

ඇමෙරිකාවේ හැමදාම කලුජාතිකයන් වෙඩි තියලා මරලා දානවා වුණාට, ඇමෙරිකාව හරි හරියට සුළු ජාතිකයින්ට සළකනවා (නි)

:       0       0

චතුරි Friday, 08 July 2016 03:40 PM

ඇමරිකාව හිතන තරම් දරුණු නැහැ. ආණ්ඩුව අවුරුදු අටෙන් අටට වෙනස් වුණාට මිනිසුන්ගේ ජීවන රටාව එකම විදියට යන්නේ. ලංකවේ හැමදෙයක්ම ආණ්ඩුව වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඇමරිකාවේ ඒවා බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 597 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2293 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site