
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම, ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් හෝ අනුග්‍රහය දැක්වීමක් නොවන බව, කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පවසයි. කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, කැනඩාව ද පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කරමිණි.
මේ වනවිට මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ පෘතුගාලය ද පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගනෙ ඇති අතර, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇති එකම විසඳුම ද්වී රාජ්‍ය විසඳුමක් බව ද අවධාරණය කර ඇත.
“ඊශ්‍රායලය ගාසා තීරයේ යුද්ධය අවසන් කරන බවක් පෙනෙන්න නැහැ. ගාසා පලස්තීනුවන් යුද්ධය නිසා මියයනවා. ඔවුන් කුසගින්නේ මියයනවා. අප පලස්තීනය පිළිගැනීම ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් සහ අනුග්‍රහය දීමක් යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු චෝදනා කරනවා. ඒත් ඒක වැරදියි.” යැයි කැනඩා අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් පැහැදිලි කර ඇත.
තමන් පලස්තීනය පිළිගන්නේ පලස්තීන පාලන අධිකාරිය යටතේ වෙනම රාජ්‍යයක් ලෙස බවත්, යුදෙව්වන් වෙනුවෙන් ඊශ්‍රායලය සේම, මුස්ලිම් පලස්තීනුවන් වෙනුවෙන් පලස්තීනය ද පැවැතිය යුතු බවත් කැනඩා අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත.
මේ අතර පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගනිමින් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ද විශේෂ ප්‍රකාශයක් කළේය. එම අවස්ථාවට ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍ය පෙනී වොංග් ද එක් වී සිටියාය.
ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් අල්ලාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අවධාරණය කළේය. පලස්තීනය යනුවෙන් අප පිළිගන්නා රාජ්‍ය හමාස් සංවිධානයෙන් තොර තැනක් විය යුතුයි. අප සහාය දක්වන්නේ පලස්තීන පාලන අධිකාරියට යැයි ඕස්ට්‍රේලියා අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කැනඩාව සහ ඕස්ට්‍රේලියාව, පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්තේ, මහා බ්‍රිතාන්‍යය එසේ කිරීමෙන් පැය කීපයක් ගතවෙද්දීය. පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් පැවැසුවේ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමිණි. මහා බ්‍රිතාන්‍යය මෙම තීරණය ගත්තේ බල්ෆෝර් ප්‍රකාශනයෙන් වසර 100 කට පසුවය.
පලස්තීන භූමියේ යුදෙව්වන්ට ඇති අයිතිය පැහැදිලි කරමින්, යුදෙව්වන් වෙනුවෙන් වෙනම භූමියක් වෙන් විය යුතුයි යන අදහස පළමුවෙන්ම ඉදිරිපත් කළේ බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම්වරයකු (විදෙස් ඇමති) ලෙස කටයුතු කළ ආතර් බල්ෆෝර් 1917 වසරේදී බ්‍රිතාන්‍යයේ සියොන්වාදී (යුදෙව්) නායක රොත්ස්චයිල්ඩ් වෙත යැවූ ලිපියකි.
පලස්තීන භූමිය දෙකඩ කර ඊශ්‍රායලය යනුවෙන් යුදෙව්වන් වෙනුවෙන් රාජ්‍යයක් බිහිවීමට මෙම ලිපිය මුල් විය. අද මහා බ්‍රිතාන්‍යය පලස්තීනය පිළිගැනීමට පියවර ගත්තේ ඊශ්‍රායලය බිහිවීමෙන් වසර 77 කට පසුවය.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් හතරෙන් තුනක් පමණ දැනටමත් පලස්තීන රාජ්‍යයක් පිළිගෙන තිබේ. ඒ අනුව 2012 සිට පලස්තිනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු නොවුණත්, නිරීක්ෂක රාජ්‍යයක තත්ත්වය හිමි වී ඇත. ශ්‍රී ලංකාව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගත්තේ 1988 දීය.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පලස්තීනය පිළිගැනීම ත්‍රස්තවාදයට උඩගෙඩි දිමක් නොවෙයි - කැනඩාව