IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක්

දකුණු දිග පිලිපීනයේ මින්දනාවෝ දූපත්වල රික්ටර් මාපකාංක 6.8ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් අද (15) හටගෙන ඇත.

ඉකුත් ඔක්තෝබර් මාසයේ එම ප්‍රදේශයේම ප්‍රබල කම්පන රැසක් හටගත් බව ද භූ විද්‍යාඥයෝ පවසති.

භූ කම්පනය වැඩිම බලපෑමක් එල්ල කළේ මින්දනාවෝ දූපත්වල ජනාකීර්ණ නගරයක් වන ඩවාවෝ වෙතටය. භූකම්පනයෙන් සැලකිය යුතු හානියක් වී ඇතැයි ද පිලිපීනයේ යමහල් (ගිනිකඳු) අධ්‍යයන පිළිබඳ ආයතනය සඳහන් කරයි.

මෙම භූකම්පනයෙන් සුනාමි අවදානමක් නැතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ සමීක්ෂණ ආයතනය සඳහන් කළේය. භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.9ක් ලෙස සටහන් වූයේ යැයි ද එම ආයතනය කලින් සඳහන් කර තිබිණි.

පිලිපීනයට නිරන්තරයෙන් භූකම්පනවලින් බලපෑම් එල්ල වේ. පිලිපීනය පිහිටා ඇත්තේ ශාන්තිකර සාගරයේ “රින්ග් ඔෆ් ෆයර්” නමින් හඳුන්වන කොටසේය. මෙම ප්‍රදේශවල නිරන්තරයෙන් භූකම්පන ඇතිවන අතර ගිනිකඳු ද පුපුරා යයි.

මින්දනාවෝහි අද භූකම්පනය හටගත් ප්‍රදේශයේම පසුගිය ඔක්තෝබර් මාසයේදී රික්ටර් මාපකාංක 6.0ට වඩා වැඩි භූකම්පන තුනක් හටගත්තේය. එම භූකම්පනවලින් 20කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර කාර්යාල ගොඩනැගිලි, පාසල් ඇතුළු ගොඩනැගිලි රැසකට බරපතළ හානි සිදුවිය.

පසුගිය දශක කිහිපයේදී පිලිපීනයට ප්‍රබල භූමිකම්පා රැසක් බලපෑ අතර 1990 වසරේ දී පිලිපීනයේ බාග්යෝ හි හටගත් භූකම්පනයෙන් 1,200කට වැඩි පිරිසක් මරණයට පත්වූහ. එම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 7.8ක් ලෙස සටහන්ව තිබිණි.

(ඒ.එෆ්.පී.  ඇසුරිනි)

055

 

 



අදහස් (0)

පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site