රෝහලක් ඉදිකරන බවට ඉන්දියානු අගමැතිවරයා දුන් පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් එය යලි මතක් කිරීම සඳහා ඉන්දියානුවෙකු සැතපුම් 838ක දුරක් පයින් ගමන් කරමින් දිල්ලි වෙත ළඟා වෙමින් සිටින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
නැගෙනහිර ඔරිස්සා ප්‍රාන්තයේ සිට පසුගිය අප්‍රේල් 16දා ගමන් ආරම්භ කළ මුක්ටිකන්ට් බිස්වාල් මෙම සතිය අවසානයේ දිල්ලි වෙත ළඟාවනු ඇති බව පැවසේ.
මේ දිනවල ඉන්දියාවේ බලපැවැත්වෙන දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ක්ලාන්ත වූ බිස්වාන් අග්‍රා නගරයේදී රෝහල්ගත කිරීමට ද සිදුවී ඇත.
ඉන්දියානු කොඩියක් රැගෙන සිය චාරිකාවේ යෙදෙන තිස් හැවිරිදි මෙම තරුණයා පවසන්නේ ඔරිස්සා ප්‍රාන්තයේ ඉස්පැත් මහ රෝහල අති විශේෂ පහසුකම් සහිත රෝහලක් බවට දියුණු කිරීමට 2015 වර්ෂයේදී නරේන්ද්‍ර මෝදි මහතා පොරොන්දු වූ බවයි.
අග්‍රාමාත්‍යවරයා හමුවිමට නොහැකි වුවහොත් නිරාහාරව විරෝධතාවයේ යෙදෙන බව බිස්වාන් පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොරොන්දුව මතක් කරන්න ඉන්දියානුවා සැතපුම් 838 ක් පයින් යයි
vidya Wednesday, 20 June 2018 05:48 PM
නරේන්ද්‍ර මෝදී පටන් ගන්නේ දේවාල ඉදිකිරීමට පෙර වැසිකිළි තැනීම යන සටන් පාඨය ඉදිරිපත් කරගෙනයි. එ්කත් හරියට කෙරිලා නැහැ.