IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පොදු සමා කාලයේ කුවේට් නීතියට කටයුතු කරන්නැයි ඉල්ලයි


 
(තිළිණි ද සිල්වා)
 

පොදු සමා කාලය තුළ කුවේට් නීතියට අනුව කටයුතු කරන ලෙස කුවේට්හි ශ්‍රී ලංකා තනාපති කන්දීපන් බාලසුබ‍්‍රමනියම් මහතා ශ්‍රී ලංකා ශ‍්‍රමිකයින් ගෙන් ඉල්ලා සිටී. 

එසේ නොමැති වුවහොත් පොදු සමාකාලයෙන් පසුව එරට රැදී සිටින ශ්‍රීලාංකිකයින් අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කරනු ඇති බව ශ්‍රී ලංකා තානාපතිවරයා  පැවසීය.

බී.බී.සී ලෝක සේවය සමඟ  සාකච්ඡාවකට එක්වෙමින් කුවේට් ශ්‍රී ලංකා තානාපති කන්දිපන් බාලසුබ‍්‍රමනියම් මහතා මේ බව සඳහන් කර ඇත. 

කුවේට්හි අනවසරෙන් රැදී සිටින විදේශ ශ‍්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා කුවේටය විසින් ප‍්‍රකාශයට පත් කළ පොදු සමා කාලය ඉකුත් 22 වැන දා අවසන් වීමට නියමිතව තිබුණ ද එම කාලය තවත් මාස දෙකකට එනම් ලබන අපේ‍්‍රල් මස 20 වැනි දා දක්වා දීර්ඝ කිරිමට කුවේට් බලධාරින් පියවර ගත්තේය. 

ඒ අනුව එම කාලය උපරිම ප‍්‍රයෝජනයට ගෙන එරටින් පිටවන ලෙස කුවේට්හි ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුම් දෙයි. 

ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනුයේ  මෙම පොදු සමා කාලයෙන් පසුව නීතිවිරෝධීව කුවේට්හි රැඳී සිටින නීතිවිරෝධී ශ‍්‍රමිකයින් සම්බන්ධයෙන් කුවේට් බලධාරින් දැඩි තීරණයක් ගනු ඇති බවයි.



අදහස් (0)

පොදු සමා කාලයේ කුවේට් නීතියට කටයුතු කරන්නැයි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site