IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පකිස්ථාන පොලිස් ඇකඩමියකට ප්‍රහාරයක්

පකිස්ථානයේ ක්වෙත්තාහි පොලිස් ඇකඩමියකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 44 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල පැළඳ ආ ත්‍රස්තවාදීන් තිදෙනෙක් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි බලධාරීහු සැක කරති.

ඉන් එක් අයෙකු හමුදා වෙඩි පහරින් මිය ගිය බවත් පොලිස් ඇකඩමියේ පුහුණුව ලබමින් සිටි පොලිස් ශිෂ්‍යභටයින් සහ ආරක්ෂක නිලධාරීන් ඇතුළු  44 දෙනෙකු ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවත් ඇකඩමි බලධාරීහු කියති.

ප්‍රහාරකයින් එම ගොඩනැගිල්ලට ඇතුළු වී ඇති අතර මුදාගැනීමේ මෙහෙයුම් පැය කිහිපයක් පැවැත්විණි.එහිදී වෙඩි හුවමාරුවක් ද සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ප්‍රහාරය ‘ලෂ්කර්-ඊ-ජිහාන්වී’ නම් ත්‍රස්ත කල්ලිය විසින් සිදුකරන්නට ඇතැයි සැක කරන බව දේශසීමා භාර මේජර් ජනරාල් ශේර් ඇෆ්ගන් පවසයි.ඔවුන් ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන බවද ඔහු පැවසිය.නමුත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නොමැත.

මෙම ප්‍රහාරයට පැය කිහිපයකට පෙර ක්වෙත්තා හි රේගු නිලධාරීන් දෙදෙනෙකු ද ඝාතනය කර තිබිණි.

අගෝස්තු මාසයේදී රෝහලකට සහ නීතීඥ සංකීර්ණයකට එල්ල වූ ප්‍රහාරයකින් 88 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.

_92075667_4f87f7f5-6808-49e5-8828-b133f67fa576 _92076285_b039db87-9b79-494b-bb1b-cc5b9d6db2df _92076313_quettanokashmir

(ඡායාරූප:ඒ.එෆ්.පි / ඊ.පි.ඒ/ගෙටි ඉමේජස් )



අදහස් (0)

පකිස්ථාන පොලිස් ඇකඩමියකට ප්‍රහාරයක්

මොහොමඩ් Wednesday, 26 October 2016 01:28 AM

ත්‍රස්තවාදය ලෝකෙන්ම තුරන්වෙන දිනය ළංවෙලා වගේ. මේක ලෝකෙටම මහා කරදරයක් සහ වසංගතයක්

:       0       0

මාලක Tuesday, 25 October 2016 07:20 AM

අනේ මන්දා මේ ලෝකයට කවදා සාමය උදාවෙයිද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site