ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)
පාකිස්තාන හමුදාවට පුළුල් අධිකරණ බලතල ලබාදීමට එරට මැතිවරණ අධිකාරිය තීරණය කර ඇත.
පාකිස්තාන ආරක්ෂක අංශවෙත එලෙස පුළුල් අධිකරණ බලතල ලබාදීම එරට දේශපාලන පක්ෂ සහ මානව හිමිකම් සංවිධානවල දැඩි අවධානයට යොමු වී තිබේ. පාකිස්තාන හමුදාව යනු එරට බලවත් ඒකකයක් වන අතර ලබන සතියේ පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ඡන්ද මධ්‍යස්ථානවලදී කටයුතුවලදී ක්‍රියාත්මක වීම සඳහා මෙලෙස හමුදාවට අධිකරණ බලතල ලබා දී තිබේ.
පාකිස්තාන මහ මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය. මහ මැතිවරණය පාර්ශ්ව දෙකක සටනක් බවට පත්ව තිබෙන අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් සහ මේ වනවිට සිරගත වී සිටින හිටපු අගමැති නවාස් ෂරීෆ් එම පාර්ශ්ව දෙක වී තිබේ.
ඉම්රාන් ඛාන්ට පාකිස්තාන ආරක්ෂක අංශවල සහාය හිමිවන නවස් ෂරීෆ් චෝදනා කරයි. නවාස් ෂරීෆ් අපරාධකරුවකු යැයි ද ඔහුට කිසිවකුගේ සහාය හිමි නොවිය යුතු යැයි ද එම චෝදනා ප්‍රතික්ෂේප කරන ඉම්රාන් ඛාන් අවධාරණය කරයි.
මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 371,000ක් යෙදවීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබෙන අතර එය 2013 වසරේ පැවැති මහ මැතිවරණයේදී ආරක්ෂාව සඳහා යෙද වූ හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව මෙන් තුන් ගුණයකි.
නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන මැතිවරණ කොමිසම එරට නීතිය අනුව සොල්දාදුවන්ට ‘මහේස්ත්‍රාත්’ බලය ලබා දී තිබෙන අතර ඒ අනුව මැතිවරණ නීති කඩකරන පුද්ගලයන් එම අවස්ථාවේදී චෝදනා විභාග කර අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සාමාජිකයන්ට අවසර හිමි වේ.
055
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තාන හමුදාවට පුළුල් අධිකරණ බලතල
kumar (Gulf) Friday, 20 July 2018 05:46 PM
ලංකාවෙත් හොර දුෂණ බල මඩින්නනම් අපේ හමුදාවටත් මේ වගේ බලතල දෙන්න ඕනා.