IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පාකිස්තානයේ ආරක්ෂාව යළිත් වරක් අර්බුදයක


 
 
 
ඉස්ලාමාබාද්හීදීය (රොයිටර්)
 
පාකිස්තානයේ පැවැති දේශපාලන රැස්වීමකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමඟ එරට ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත වරක් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.
 
පාකිස්තාන මහ මැතිවරණය ලබන 25 වැනි දා පැවැත්වීමට නියමිත අතර ඉදිරි සති දෙකක කාලයේදී මැතිවරණ රැළි පැවැත්වීමට ඇති බැවින් ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. 
 
නිරිත දිග පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ පැවැති මැතිවරණ රැළියකට සිකුරාදා (13) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 130කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 
 
එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් එරටට පැමිණීමට පැය කිහිපයකට පෙරය. සිකුරාදා (13) ලන්ඩනයේ සිට පාකිස්තානයට පැමිණි හිටපු අගමැතිවරයා ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්විය.
 
එංගලන්තයේ ලන්ඩන් නුවර නිවාස සංකීර්ණයක් මිලදී ගැනීමේදී කරන ලද වංචාවක් ද ඇතුළුව දූෂණ චෝදනා රැසකට වරදකරු කරමින් නවාස් ෂරීෆ්ට වසර දහයක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් මේ මස මුල් සතියේදී පියවර ගෙන තිබිණි. එම තීන්දුව අභියෝගයට ලක්කරමින් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පාකිස්තානයට පැමිණි අවස්ථාවේදී හිටපු අගමැතිවරයා එලෙස ගුවන් තොටේදී අත්අඩංගුවට පත්විය. 
 
මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය උණුසුම් වී තිබෙන අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ ‘පාකිස්තාන් තරීෆ් ඊ ඉන්ෆාස්’ පක්ෂයෙන් නවාස් ෂරීෆ් නියෝජනය කරන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය - එන්’ පක්ෂයට දැඩි අභියෝගයක් එල්ල වී තිබේ. ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ පක්ෂයට ආරක්ෂක අංශවලින් සහයෝගය හිමිවනට චෝදනා එල්ල වී තිබේ. නවාස් ෂරීෆ් අපරාධකරුවකු බවත් ඔහුට කිසිවකුගේ සහාය හිමි නොවිය යුතු බවත් ඉම්රාන් ඛාන් අවධාරණය කරයි.
 
ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන්නේ මෙවැනි උණුසුම් තත්ත්වයක් මධ්‍යයේය. සිකුරාදා ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය විසින් බාරගෙන තිබිණි. මේ අතර පසුගිය සති කිහිපයේදී පාකිස්තානයේ ප්‍රදේශ රැසකින් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය. මිලියන 208ක් ජනහගනයක් වෙසෙන පාකිස්තානයේ ඉදිරි දින කිහිපයේ පැවැත්වෙන මැතිවරණ රැලිවලට දහස් ගණනක් සහභාගී වනු ඇත. ඒ අනුව අවදානම තවත් ඉහළ ගොස් තිබේ. 



අදහස් (0)

පාකිස්තානයේ ආරක්ෂාව යළිත් වරක් අර්බුදයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 758 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site