IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පිකාසෝගේ චිත්‍ර පුතාගෙන් හංගන්න විදුලි කාර්මිකයකුට දීලා

පැබ්ලෝ පිකාසෝගේ වටිනා සිතුවම් 271ක් සොරා ගත්තැයි චෝදනා ලබා සිටි විදුලි කාර්මිකයකු ඒවා තමාට ලැබුණු ආකාරය ගැන  වසර 43කට පසු  ප්‍රංශ අධිකරණයක දී පාපොච්ඡාරණය කර තිබේ. ඒ පුරාවසත්තු ළඟ තබා ගැනීමට එරෙහිව ඔහුට විරුද්ධව පැවැති නඩු විභාගයක දී ය.

ඔහුට මෙන්ම ඔහුගේ බිරියට ද මේ චෝදනාවට 2015 දී අත්හිටැවූ සිර දඬුවම් නියම විය.

පිකාසෝගේ ප්‍රථම බිරිඳ ප්‍රැනසොයිස් බිලට් ගේ දරුවා වන ක්ලවුඩ් පිකාසො හා පිකාසොගේ දෙවන බිරිඳ ජැක්ලින් පිකාසෝ  අතර ගැටුම්කාරී තත්ත්වයක් පැවති බවත් ඔහු අධිකරණයට පවසා තිබේ.

1973 දී පිකාසෝ මිය ගිය පසු  ජැක්ලින්ට එම සිතුවම් පිකාසෝගේ පුතාගෙන් සඟවා තැබීමට අවශ්‍ය වූ බවත් ඇය තමාට සිතුවම් සහිත මලු 17ක් පමණ ගෙනත් දුන් බවත් ඔහු පැවසීය.මාස කිහිපයකට පසු එම සිතුවම් නැවත රැගෙන යන විටදී තිළිණයක් වශයෙන් එක් බෑගයක් තමන්ට ලබා දුන් බව  ඔහු කීය.

තමන් සිතුවම් ගැන වැඩි කැමැත්තක් නැති හෙයින් ඒවා තම ගරාජයේ තැබු බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වෙයි. ජැක්ලින් 1986 දී මිය ගියාය.

නැවත එම බෑගය 2010 දී ඔහුට හමුවී ඇති අතර එම සිතුවම් පිකාසෝගේ දැයි සැකහැර දැනගැනීමට පිකාසොගේ පුත් ක්ලවුඩ් වෙත ගොස් තිබේ.ඉන්පසු ක්ලවුඩ් විසින් ඔහුට විරුද්ධව නඩු පවරා තිබේ.

මෙම චෝදනා සියල්ල තමන් ප්‍රතික්ෂේප කරන බවද අධිකරණයට කියා ඇත.

එම බෑගයේ සිතුවම් 180ක් හා සිතුවම් 91ක සහිත චිත්‍ර පොතක් තීබිණි.ඒ අතර පිකාසෝගේ දුර්ලබ සිතුවම් කිහිපයක්ද තිබිණි.

 



අදහස් (0)

පිකාසෝගේ චිත්‍ර පුතාගෙන් හංගන්න විදුලි කාර්මිකයකුට දීලා

හේමන්ත Monday, 07 November 2016 06:24 AM

යාලුවෙක් ගේ දෙයක් වුනත් දැන් කාලේ නම් අත්සනක් සහිත ලියවිල්ලක් එක්කම භාරගන්න එක තමයි ඇඟට ගුණ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site