IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘නීෆා‘ වෛරසයෙන් කේරළයේ 9 ක් මරුට

මාරාන්තික නිෆා වෛරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නව දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

මෙම රෝගය වැළදුනු තවත් 25දෙනකු රෝහල් ගතකැර ඇතැයි ද පැවසේ.

නිෆා රෝගය සතුන් මගින් මිනිසාට බෝවන රෝගයක් වන අතර රෝගය වැළඳුනු අයගෙන් සියයට 70කට පමණ එය මාරාන්තික වන බව වෛද්‍ය වාර්තා තහවුරු කර ඇත. 

මෙය ප්‍රධාන වශයෙන්ම බෝවන්නේ පළතුරු වවුලා මගිනි. නිෆා රෝගය සඳහා මෙතෙක් එන්නතක් සොයාගෙන නොමැත.

ඉදිරියේදී විශාල වශයෙන් ලොව පුරා පැතිරී යතැයි අනුමාන කරන ප්‍රධාන රෝග 10 අතරට නිෆා ද ඇතුලත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල දැක්වේ.

රෝගීන්ගේ රුධිර සාම්පල් පූනේහි පිහිටි ජාතික වෛරස අධ්‍යයන විද්‍යා මධ්‍යස්ථානයට යවා ඇති බවත් පෙර සූදානම් කටයුතු සහ නිවාරණ කටයුතු සිදුකරගෙන යන බවත් කේරලයේ සෞඛ්‍ය අංශ පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

‘නීෆා‘ වෛරසයෙන් කේරළයේ 9 ක් මරුට

athula Wednesday, 23 May 2018 08:49 AM

මිනිසා කියන කෘෘර සත්ත්වයාගේ නොමිනිස් ක්‍රියාවන් නිසා ලෝකයේ අනෙකුත් ජීවීන්ට මහත් අනතුරක් ඇතිවෙලා.............අන්තිමේදී මොන මාරකයක් අාවත් සතුන් තමයි වැරදි අද මාළුවන්ට පිළිකා, හරකුන් ( ගවයන් ) ට පිළිකා පෙන්ගුවින් පැටව් මිය යනවා 1000 ස් ගණන් සාගරයේ තිබෙන ප්ලාස්ටික් නිසා සාගරයේ ජීවත් වෙන සියලුම සතුන්ට ලෙඩ රෝග මේවා බෝකරන්නේ සතුන්ද ? නැහැ අන්තිමේදී විනාශවන්නේ අහිංසක සතුන්........... කොහොම වෙතත් පෘතුවියේ විනාශය හා සියලු ජීවීන්ගේ විනාශය ඇත ලගයි.එක කරන්නේ සතුන් නොවේ පහර නොමිනිසුන් හා නුගත් බලලෝභී දේශපාලන අදිකාරිය විසින්.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2401 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site