සෝල්හිදීය (රොයිටර්)
ලබන මාසයේදී න්‍යෂ්ටික වැඩබිම් වසා දැමීම නිරීක්ෂණය කරන්න පැමිණෙන්නැයි උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ ජනමාධ්‍යවේදීන්ට සහ විශේෂඥයන්ට ඉරිදා (29) ආරාධනය කළේය.
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි වලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු හා දකුණු කොරියානු නායකයෝ සිකුරාදා (27) පොරොන්දු වූහ. ඒ දශකයකට පසු දෙරටේ නායකයෝ හමුවීවීමෙන් පසුවය. එපමණක් නොව 1950-1953 කාලයේ පැවැති කොරියානු යුද්ධයෙන් පසු දකුණු කොරියාවට පැමිණි පළමු නායකයා බවට පත්වීමට ද කිම් ජොන්ග් උන් සමත්විය. ඒ වසර 65ක පසුය.
(055)
න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් නවතා දමන බවත් තම න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන වැඩබිම් තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කළ බව උතුරු කොරියානු නායකයන් දෙදෙනාගේ හමුවට පෙර උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. ආර්ථික වර්ධනය සහ සාමය කෙරෙහි තම රට අවධානය යොමු කර ඇතැයි එම වාර්තාවල දැක්විණි.
න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන වැඩබිම් ලබන මැයි මාසයේදී වසා දමන බවත් ඒවා නිරීක්ෂණය කිරීම ජාත්‍යන්තර ප්‍රජාවට ආරාධනා කරන බවත් උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ට ඔවුන් දෙදෙනාගේ හමුවේදී පවසා ඇත.



2025 නොවැම්බර් මස 04
746
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2401
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
න්‍යෂ්ටික වැඩබිම් නිරීක්ෂණයට එන්නැයි කිම් ජෝන්ග් ගෙන් ආරාධනා