නේපාලයේ කව්රිපලන්චොක් ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 33 දෙනකු මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.
කත්මණ්ඩු අගනුවර සිට කව්රිපලන්චොක් හි ගමකට ධාවනය වෙමින් තිබූ බසය කඳුකර පෙදෙසකදී මාර්ගයෙන් ඉවතට පැන මීටර් 200ක් පමණ ගැඹුරු ප්‍රපාතයට පෙරැලී ඇති අතර අනතුරින් 38 දෙනකු තුවාල ලබා ඇතැයි කියති.
මළ සිරුරු 27ක් හඳුනාගත් බවත් ගැඹුරු හෙළෙහි තැනින් තැන සිරුරු විසිරී තිබීම හේතුවෙන් ඒවා එකතු කිරීම අසීරු වී ඇති බවත් එරට ආරක්ෂක අංශ පවසයි. තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට හෙලිකොප්ටර් යානා යොදාගත් බවද කියති.
එම මාර්ගය බොරළු සහිත පටු මාර්ගයක් බවත් අනතුරට හේතුව අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් මගීන් රැගෙන යාම විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් නේපාල වාර්තා කියයි.
2025 නොවැම්බර් මස 04
619
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2308
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1717
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නේපාල බසයයක් ප්‍රපාතයකට පෙරැළී 33ක් මරුට