නැගෙනහිර අප්‍රිකාව පුරා පැතිරී ඇති විනාශකාරී කාන්තාර පළඟැටියන් මර්දනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලා ඇත.
ආහාර අර්බුදයකින් පෙළෙන ඉතියෝපියාව, සෝමාලියාව සහ කෙන්යාව යන රටවල් පෙර නොවූ විරූ ආකාරයෙන් සිඝ්‍රයෙන් පැතිර යන කෘමි රංචු මහත් ව්‍යවසනයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.
ඉදිරි මාස කිහිපය ඇතුලත පළඟැටියන් සංඛ්‍යාව 500 ගුණයකින් වර්ධනය වේ යැයි ඔවුහු බිය පලකරති.
දශක ගණනාවක ඉතිහාසයේ මෙවන් කෘමි වසංගතයක් ඇති නොවූබවත් පළඟැටියන් මේ ආකාරයෙන් වර්ධනය වුවහොත් දකුණු සුඩානය සහ උගන්ඩාවද අවදානමට ලක් වියහැකි බවත් සඳහන් වේ.
ඉතිරි වී ඇති එකම විකල්පය වන්නේ ගුවනින් කෘමිනාශක ඉසීම පමණක් බව කෘෂි විශේෂඥයෝ පවසති.
2019 වසර අවසානයේ පැවති අධික වර්ෂාපතනය නිසා කෘමීන්ගේ වර්ධනය වේගවත් වී ඇත. පළඟැටියන්ට දිනකට කිලෝමීටර් 150ක් දක්වා ගමන් කළ හැකි අතර එක් දිනකදී තමන්ගේ බරට සමාන ආහාර ප්‍රමාණයක් අනුභව කිරීමට හැකියාව තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නැගෙනහිර අප්‍රිකානු රටවල පළඟැටි වසංගතයක්